-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.02, ප.ව.11.00) නීති විරෝධීව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර දරන්නවුන් තරා තිරම නොබලා ගෙදර යැවීම සම්බන්ධයෙන් නම් දරා සිටින සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් යාපනයෙන් ස්වාධීනව පත් වී ආ අර්චුනා රාමනාදන් ගෙදර යැවීම සම්බන්ධයෙන් පැවරූ නඩුව විභාගයට ගැනීමට අද අභායාචනාධිකරණය තීන්දු කර තිබේ. ඒ අර්චුනා ගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඕෂල ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දීමෙනි.
මීට පෙර ද්විත්ව පුරවැසි භාවය සඟවාගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ ඩයනා ගමගේ ගේ මන්ත්‍රීධූරය අහෝසි කෙළේ ද ඕෂල හේරත් පැවරූ නඩුවක තීන්දුව අනුව ය. ඕෂල හේරත් 'අභිනව නිවහල් පෙරමුණේ' සභාපතිවරයා ලෙසද ක්‍රියා කරයි.
පෙත්සම්කාර ඕෂල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයකර වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවයි. ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කෙළේ ය.
අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ප්‍රති තර්ක කෙළේ, සිය සේවා දායකයයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩතහනමට ලක්ව සිටි බැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවය. ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම විභාගයට ගැනීමට අවසර දුන්නේය. පෙත්සම අගෝස්තු මස 1 වනදා කැඳවීමටද නියම විය.
කෙසේ වෙතත් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරන්නෙකු ලෙස සමාජයේ අපකීර්තියට ලක්ව සිටින මන්ත්‍රීවරයෙකි. කිහිප විටක දී ම ඔහු පාර්ලිමේන්තුවෙන් පිටත "මම මන්ත්‍රීවරයෙක්" කියමින් නීතිය අතට අරන් ක්‍රියා කර තිබිණ. ඒ මදිවාට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී ජාතිවාදය ඇවිස්සීමේ අරමුණින් අමු කෙප්ප දෙසා බාන්නෙකි. පසුගියදා රේගුවෙන් නිදහස් කළ කන්ටේනර් තුන්සිය ගණනක එල්ටීටීඊ අවි තිබුනා යැයි අමු කෙප්පයක් දෙසා බෑවේ ද අර්චුනා ය. පාර්ලිමේන්තුව තුල ඔහුගේ හැසිරීම ද පිළිකුල් සහගත තරම් ප්‍රචන්ඩකාරී ය. කතානායකවරයාට අපහාස කරමින් කතා කරන ඔහු කතානායක නියෝග ද ගරු නොකරන්නෙකි. අඩු ගණනේ විපක්ෂ නායකවරයාට ද ඔහු ගරු කරන්නේ නැත. ඕෂලගේ පෙත්සම ඉදිරිපත් කළ මුල් අවස්ථාවේ දී ඔහු නඩුවට පෙනී නොසිට 'තමන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වනවා' යයි සිය සමාජ මාධ්‍ය ගිණුමක සඳහන් කර තිබිණ. පසුව ඔහු තීරණය වෙනස් කරගෙන තිබෙන බව පෙනේ.
අර්චුනා ද ගෙදර යැව්වොත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිනිසුන් ඕෂල හේරත්ට ස්තූති කරනු ඇත. කෙසේ වෙතත් අර්චුනා පාර්ලිමේන්තුවට එවූ ජනතාවගේ නියෝජනය අර්චුනා ගෙදර යැව්වා කියා අහෝසි වන්නේ නැත. ඔහු ලඟට මනාප ගෙන සිටින ස්වාධීන ලැයිස්තුවේ ඊලඟ අපේක්ෂකයා මන්ත්‍රිධූරයට පත් වෙනු ඇත.
---------------------------
by (2025-07-02 23:31:29)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි