-LeN සෞඛ්‍ය සේවා වාර්තාකරු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.05, පෙ.ව.1.15) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක, අද එනම් ජුනි 05 සෙනසුරාදා ලක්ෂ 300 ක වියදමින් ‘බර්ත් ඩේ බාලක්’ නැටීමට සුදානම් කර ඇති බව එම මණ්ඩලයේ සාමාජිකයෝ ලංකා ඊ නිව්ස් හි සෞඛ්‍ය සේවා වාර්තාකරුට පැවසූහ.
මහාචාර්ය දිසානායක අද බණ්ඩාරනායක සම්මණ්ත්‍රන ශලාවේ පැවත්වෙන මෙම බාල් නැටුමට මංගල කාරනාව කර ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයට වසර 100 සපිරීමය. දැනටමත් කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති පදවිය ද ශ්‍රී ලංකා වෛද්‍ය කොලීජි කවුන්සලයේ ද ප්‍රධානියා වන මහාචාර්ය දිසානායක තනතුරු ලොබින් මේවා කරන බවට වෛද්‍යවරු චෝදනා කරති.
ඉතිහාසය අනුව 1905 ලංකා වෛද්‍ය විද්‍යාල [සංශෝධන] ආඥා පනත සම්මත වන්නේ 1924 දි ය. ඒ අනුව මේ ගෙවෙන්නේ 101 වන අවුරුද්ද මිස සියවස නොවේ. (සාක්ෂි සේයාරුවක දැක්වේ) එහෙත් කොළඹ සරසවියේ උප කුලපති තනතුරට කෙල හලමින් සිටි මහාචාර්ය දිසානායක එම වැරදුණු කුරුමානමෙන් පසු තවතවත් නැති මඟුල් සොයමින් මහජන මුදල කාබාසිනීයා කරන බවට ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයෙන්ම චෝදනා නැගෙයි.
විශේෂයෙනම පොදුවේ රටේ අති විශාල ආර්ථික දුෂ්කරතා පවතී. එහි බලපෑම වඩාත් දැනෙනේ සෞඛ්‍ය සේවයටයි. ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය යනු රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනයකි. එබඳු ආයතනයක මේ සා මුදලක් වියදම් කිරීමට පුර්ව අනුමතියක් අවශ්‍ය වේ. මහජන සෞඛ්‍ය සේවයට වියදම් කිරීමට ඇති මුදල් අනුමැතියකින් ද තොරව නැති මඟුලක් ගැනීමට වියදම් කිරීම ජාතික අපරාධයකි. මෙය අල්ලස් කොමිසමේ අවධානයට දැනටමත් යොමු කර ඇති බව ලංකා ඊ නිව්ස් වාර්තාකරුට පැවසු වෛද්‍යවරු පිරිසක් මෙය වර්ජනය කර මහාචාර්ය වජිර දිසානායකගේ බල තන්හාවට පිලිතුරු දිය යුතු යයි කියා සිටියහ.
---------------------------
by (2025-07-04 19:51:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි