~

තවත් භයානක ඖෂධ වංචාවක්..! ප්‍රසිද්ධ ඔසුහල් ලියාපදිංචි නොකළ හෘද සැත්කම් එන්නත් හොරෙන් ගෙන්වලා..! සී.අයි.ඩී.යෙන් පරීක්ෂන..!

-සුගත් අබේසිංහ ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.07, ප.ව‍.4.50) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර බැගේජ්' මගින් මෙරටට ගෙන්වා හෘද රෝග සැත්කම් සඳහා දෙන පැපරින් නමැති එන්නත වෙළෙඳපොළේ අලෙවි කරන බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ ඖෂධහල් දෙකක උසස් නිලධාරින්ගෙන් ඔවුන් සතුව ඇති අදාළ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සතු ලියකියවිලි පසුගිය සිකුරාදා (04 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පරීක්ෂා කරනු ලැබීය. එහිදී අදාළ නිලධාරින් වාර්තා කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එම ඖෂධහල් දෙකෙන් එකකට මීට පෙර ලියාපදිංචි නොකළ ඖෂධ මෙරට තුළ අලෙවි කිරීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පැපරින් එන්නත ලියාපදිංචි නොකර මෙරට තුළ අලෙවි කරන බවට ජාතික සිවිල් බුද්ධි පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි.

නිෂ්පාදන සමාගම් වසා දමලා..

මෙම පරීක්ෂණයට අදාළව පුද්ගලයන් ගෙන් ප්‍රශ්න කිරීමේදී  අනාවරණය වුණේ USN PHARMACEUTICALS සහ UNION CHEMIST ඔසුහලවල විකුණන මෙම Pepaverin එන්නත ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ අනුමත නොකළ CDSCO අනුමත ලැයිස්තුවේ නොමැති එන්නත් තවද මෙම එන්නතේ සඳහන් කරන ආකාරයට නිෂ්පාදන සමාගමද වසා ඇති නමුත් ගමන් මලු මගින් මෙම එන්නත අපේ රට තුළ ගෙන්වාගෙන භාවිතයට මුදා හැර තිබේ

ගමන් මලු මගින් ඖෂධ ගෙන්වීමේදී මෙම ඖෂධයේ ප්‍රමිතිය ඉතා වේගයෙන් අඩු වෙන බවද සමහර එන්නත් නිසි උෂ්ණත්වයේ සීතකරණය කර තිබීම අනිවාර්යය නමුත් ගමන් මලු මගින් ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීමේදී එම ඖෂධය භාවිතයට ගැනීම රෝගියෙකු මියයාමට ද හේතු විය හැක.

රුපියල් 300 ට වෙළඳ පොලේ නෑ..

මේ අතර පසුගිය ජූලි (04)  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවීක්‍රම සහ ඖෂධ කර්මාන්තකරුවන් අතර පැවති සාකච්ඡාවේදී සභාපතිවරයා විසින් පවසා ඇත්තේ මෙම එන්නත වෙළඳපොලේ රුපියල් 300 මිලදී ගත හැකි බව නමුත්  ඖෂධ කර්මාන්තකරුවන් පෙන්වාදෙන්නේ ප්‍රමිතියෙන් යුත් මෙම එන්නත වෙළඳපොලේ රුපියල් 300ට නොමැති බවත් මෙම උත්සාහය ආණ්ඩුව සහ ජනතාව අපහසුතාවයට පත්වන ක්‍රියාවක් බවයි.

පැපරින් නම් එන්නත රුපියල් 76,000 ට වෙළෙඳපොළෙහි අලෙවි වන අතර එය රුපියල් 321 කට ලබා ගැනීමට හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජයමුනි පසුගියදා අනාවරණය කළත් එම මුදලට මෙතෙක් එම එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාගෙන නොමැත

-සුගත් අබේසිංහ

---------------------------
by     (2025-07-07 11:27:10)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links