(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.09, ප.ව.4.45) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වී මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ධූරය භාරගැනීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා ජාතික ජන බලවේගයේ යූ.ඩී. නිශාන්ත ජයවීර අද (09) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේ ය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් සේවය කළ නිශාන්ත ජයවීර, එම දෙපාර්තමේන්තුවේ ‘රැමිස් පද්ධතිය’ ((RAMIS; Revenue Administration Management Information System ) බාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර මෙම මන්ත්‍රී ධුරය බාර ගැනීම සඳහා පසුගිය දා එම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගෙන තිබේ.
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු 2024 ඔක්තෝබර් මාසයේදී වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් පත්කෙරුණු නිශාන්ත ජයවීර, 2024 දෙසැම්බර් මාසය දක්වා ඔහු එම තනතුරේ කටයුතු කළ අතර ඉන්පසුව ඔහු ජනාධිපති අතිරේක ලේකම් තනතුරකට පත්කෙරිණ.
---------------------------
by (2025-07-09 11:26:29)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි