~

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් ලෙස නම් කියැවෙන අබුහින්ද් කව්ද? සාරා ජෙස්මින් රැගෙන ගිය හමුදාවේ මේජර් කව්ද? මුජිබුර් නම් ගම් සහිතව හෙළිකරයි..!

මැරුනයි කී සාරාගේ නමට මොබිටෙල් දුරකථනයක් අරන්..

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.09, ප.ව‍.8.05) පාස්කු බෝම්බ ප්‍රහාරයේ පසුපස සිටි මහමොළකරුවන් ලෙස කතාවෙන "අබු හින්ද්" කව්ද ? සහ "සාරා ජෙස්මින්" රැගෙන ගිය හමුදා නිලධාරියා කව්ද? යන්නත් අද පාර්ලිමේන්තුවේ දී නම් හෙළිකෙරිණ.  සහරාන්ගේ පියා සහ සොයුරන් සයින්දමරුදු නිවසක දී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි නසා ගැනීමෙන් පසු, අතුරුදහන් වූ නමුත් වැදගත් සාක්කි කාරියක් වන සහරාන්ගේ සොයුරෙකුගේ බිරිඳ වූ "සාරා ජෙස්මින්" රැගෙන ගියේ කව්ද කියා හෙළිකෙරිණ. එම හෙළිදරව් සිදුකෙළේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් විසිනි.

මුජිබුර් රහුමාන් අද(09) පැවැති පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී මෙසේ කීවේ ය. 

"සහරාන්ගේ බිරිඳ හාදියා කියනවා සහරාන්ගේ මල්ලි ෂයිනි සයින්දමරුදු නිවසේ බෝම්බ පුපුරුවා ගැනීමෙන් මලේ නෑ කියලා. බෝම්බ පුපුරුවා ගැනීමෙන් 14 ක් මැරෙනවා නමුත් ෂයිනි මැරෙන්නේ නෑ. හාදියා කියනවා බෝම්බ පිපිරීමෙන් පස්සේ එළියේ ඉඳන් ෂයිනි එයාට කීවා කියලා 'නෑනා දැන් එළියට එන්න' කියලා. ඊට පස්සේ වෙඩි සද්දයක් ඇහුනා කියනවා. ෂයිනි මැරුවේ ඒ වෙඩි පහරවල් වලින්. කව්ද ඒ වෙඩි තිබ්බේ. ? පාස්කු බෝම්බ ප්‍රහාරය පසුපස තිබුනු නෙට්වර්ක් එක තාම වැඩ කරනවා. සාරා මැරිලා කියලා ඩීඑන්ඒ වාර්තා ගන්නවා නමුත් 2020 දී සාරාගේ නමට මොබිටෙල් දුරකථනයක් ගන්නවා. මං ඒ වාර්තාව සභාගත කරනවා." 

"හාදියා කියනවා බෝම්බ පිපිරීමෙන් පස්සේ සාරා ගේ කටහඬ එයාට ඇහුනා කියලා. සාරා අරන්ගියේ කව්ද කියලා මේජර් සුබසිංහගෙන් අහන්න. එදා නැගෙනහිර ආඥාපති ලෙස සිටියේ අද ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අරුණ ජයසේකර මැතිතුමා. සයින්දමරුදු ප්‍රදේශය බාර ආඥාපති මේජර් ජෙනරල් අරුණ ජයසේකර. කව්ද සාරාව අරගෙන ගියේ? මේජර් සුබසිංහ. අහන්න කොහාටද ගෙනිච්චේ කියලා.  සාරා මැරුනේ නෑ සාරා ඉන්නවා. ගිය ආණ්ඩුවට ඕනෑ කමක් තිබුනා සාරා මැරුණා කියලා තහවුරු කරන්න. තුන්වෙනි ඩීඑන්ඒ වාර්තාව අරගෙන සාරා බොරුවට මැරුනයි කියලා කිව්වා." 

'අබු හින්ද්' කව්ද කියලාත් දන්නවා අබු හින්ද් කියන්නේ , ඉන්දියාවේ රෝ එක ලංකාවට ඇවිල්ලා ට්‍රේනින් එකක් කළා. ලංකාවේ බුද්ධි අංශයත් එක්ක. ඒ ට්‍රේනින් එක කරනකොට ඉන්දියාවේ රෝ  එක ලංකාවේ බුද්ධි අංශ නිලධාරියෙක්ව හැඳින්වූයේ 'අබු හින්ද්' කියලා. කව්ද ඒ අබු හින්ද්? හොයාගන්න. නලින්ද තිස්ස ඇමැතිතුමත් කීවා සාරා ඉන්නේ ඉන්දියාවේ කියලා."

---------------------------
by     (2025-07-09 14:43:39)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links