~

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිෂන් සභාව) සභාපති පත්කිරීම ඉක්මන් කරන්න..! ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) කියයි..! නීතිඥ නිමල් බෝපගේ විවේචකයන්ගේ රෙදි ගලවයි..! (Video)

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.10, ප.ව‍.6.40)  2025 ජූලි 9 වන දින වන විටත්, ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට නිසි පරිදි පත් කරන ලද සභාපතිවරයෙක් නොමැත. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා 2025 මාර්තු මාසයේදී ඉල්ලා අස්වීමෙන් පසු එම ධූරය පුරප්පාඩු වී ඇත.

කොමිෂන් සභාවේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සුරැකීම සඳහා සභාපතිවරයා විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගෙන, සිවිල් සමාජය සහ මාධ්‍ය ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් විසින් පත්කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඉල්ලා සිටියද, සභාපති පත්කිරීමේ අනවශ්‍ය ප්‍රමාද වීම ගැටලුකාරී තත්වයක් මතු කරයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත මගින් නියම කර ඇත්තේ විවිධත්වය සහ විශේෂඥ දැනුම නියෝජනය කරමින් උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කිරීමට කොමිෂන් සභාව සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවයි.  එබැවින්, සභාපතිවරයාගේ වැදගත් භූමිකාව ද ඇතුළුව, කොමිෂන් සභාවට සම්පූර්ණ සාමාජිකත්වය තිබීම අත්‍යවශ්‍ය වේ. RTI කොමිෂන් සභාව දූෂණ විරෝධී පද්ධතියේ ඇති වැදගත්ම ස්වාධීන මහජන ආයතනවලින් එකක් වන අතර, අභියාචනා පිළිබඳව කරුණු විභාග කිරීම, වැරදි විමර්ශනය සහ නඩු පැවරීම, වාර්තා කළමනාකරණය සහ ප්‍රගාමී හෙළිදරව් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සහ ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම, සහ දැනුම්වත් කිරීමේ කටයුතු සිදු කිරීම ඇතුළු පුළුල් බලතල සහ වගකීම් කොමිෂන් සභාව සතුය.

වර්තමාන RTI කොමිෂන් සභාව, නීතිඥ කිෂාලි පින්ටෝ-ජයවර්ධන, නීතිඥ ජගත් ලියනආරච්චි, ඒ. එම්. නහියා සහ 2025 මැයි මාසයේදී අලුතින් පත් කරන ලද අභියාචනාධිකරණ විශ්‍රාමික විනිසුරු ඩී. එන්. සමරකොන් යන අයගෙන් සමන්විත වේ. මේ අනුව, සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකු මේ වන විට පත් කර ඇත.

වත්මන් ප්‍රමාදයට හේතු මහජනයාට ප්‍රසිද්ධ නොවන අතර, සභාපතිවරයා වශයෙන් පත් කෙරෙන්නේ කොමිෂන් සභාවට පත් කිරීමට නියමිත පස්වන සාමාජිකයා වන්නේ නම්, ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමේදී පනතේ 12(2) වගන්තිය ප්‍රකාරව, අනෙකුත් කරුණු අතර, පොදු ජීවිතයේ කැපී පෙනෙන විශිෂ්ට අයුරින් කටයුතු කළ පුද්ගලයන් නිර්දේශ කිරීමට කටයුතු කරන TISL සංවිධානය ඉල්ලා සිටී. නීතියේ පරමාර්ථයට අනුගත වන පරිදි, තම ක්‍රියාවන්, දායකත්වයන් හෝ සේවය තුළින් පුළුල් සමාජය තුළ පිළිගැනීමට ලක්  වූ සහ ගෞරවය දිනාගත් බවට පැහැදිලිව පෙනෙන සහ සමාජ කාර්යභාරයන් ඉටු කළ පුද්ගලයන් ව්‍යවස්ථාදායක සභාව විසින් නිර්දේශ කිරීම අත්‍යවශ්‍ය වේ.

මෑත කාලීන රජයේ අමාත්‍යංශ, පරිපාලන සහ රජය සතු ව්‍යවසායන් වලට කල පත්කිරීම් වල දේශපාලන පක්ෂපාතිත්වය, මිත්‍රත්වය සහ බාහිර අභිලාෂයන් මිශ්‍රණයක ප්‍රවණතා රටාවක් පිළිබිඹු කරන අතර, බොහෝ විට මෙයින් සුදුසුකම් මත පදනම් වූ පත්කිරීම්,  විනිවිදභාවය සහ මහජන විශ්වාසය යටපත් කරන බවත්, එවැනි බැඳියාවන් අතර ගැටුම් ප්‍රවණතා වලින් පිළිබිඹු වන්නේ, එම බැඳියා ගැටුම් වැලැක්වීමට ශක්තිමත් ආරක්ෂණ සහ යහපාලන සඳහා කැපවීම තහවුරු  කිරීම අත්‍යාවශ්‍ය බව TISL සංවිධානය අවධාරණය කරයි. එවැනි ප්‍රවණතා තුලින්, වගවීම සහ සුපිලිපන්භාවය පිළිබද රජයේ පොරොන්දු ඉටු කිරීමේ හැකියාව පිළිබඳ මහජන විශ්වාසය පළුදු වේ. ඒ අනුව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවට, විශේෂයෙන්ම සභාපති තනතුරට සුදුසු පුද්ගලයෙකු නිර්දේශ කිරීමේදී, මහජන සුභසිද්ධිය, සුපිලිපන්භාවය, විනිවිදභාවය සහ යුක්තිගරුක වීම යන ගුණාංග ඇති බවට සහතික කිරීම අතිශයින් වැදගත් වේ.

සභාපතිවරයෙකු නොමැතිව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ ධූරාවලිය ඵලදායී ලෙස සහ බාධාවකින් තොරව ඉටු කිරීමට ඇති හැකියාව සැලකිය යුතු ලෙස අඩාල වේ. කොමිෂන් සභාවේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය ජනතාවගේ ව්‍යවස්ථානුකූලව සහතික කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා අත්‍යාවශ්‍යය වේ.

තවදුරටත් ප්‍රමාදයකින් තොරව කොමිෂන් සභාවේ සභාපතිවරයා පත් කිරීම කඩිනම් කිරීම තුලින් ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩසටහනට සැබෑ කැපවීමක් ප්‍රදර්ශනය කරන ලෙස TISL සංවිධානය ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා සිටියි. එම පත්කිරීම තුලින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව, පොදු ජීවිතයේ කැපී පෙනෙන විශිෂ්ට අයුරින් කටයුතු කළ, ඔප්පු කරන ලද දැනුමක්, අත්දැකීම් සහ අදාළ ක්ෂේත්‍රවල නොසැලෙන කීර්තියක් ඇති පුද්ගලයෙකු පත් කිරීම සහතික කළ යුතුය. මෙම පත්කිරීමේ ගුණාත්මකභාවය සහ සුපිලිපන්භාවය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් නීතිය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම කෙරෙහි බරපතල බලපෑම් ඇති කළ හැකි බව TISL සංවිධානය අවධාරණය කරයි.

(TISL නිවේදනය අවසන්)

නීතිඥ නිමල් බෝපගේ විවේචකයන්ගේ රෙදි ගලවයි..!

මේ අතර පුරප්පාඩු වී ඇති RTI කොමිසමේ සභාපති ධූරය සඳහා පුවත්පත් දැන්වීම් අනුව අයැදුම් කර ව්‍යවස්ථා සභාවේ සම්මුඛ පරීක්ෂනයට සහභාගී වූ නීතිඥ නිමල් බෝපගේ ඉලක්ක කරමින් විවිධ හීපාටුවන් පිරිසක් ඔහුට අවලාද එල්ල කරමින් සිටිති. ඊට පිළිතුරු සපයමින් නීතිඥ නිමල් බෝපගේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවක වීඩියෝවක් පහතින් දැක්වේ

---------------------------
by     (2025-07-10 13:23:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links