-සම්පත් දිල්ලිමුණි ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.12, ප.ව.10.00) පුද්ගලයින් 270 මරු කැඳවමින් 2025 ජූනි මස 12 වැනිදා ඉන්දියාවේ අහමදාබාද් නුවර සර්දාර් පටෙල් ගුවන් තොටුපළ ආසන්නයේ අනතුරට පත් Air India Flight 171 Dreamliner ගුවන් යානය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයේ මූලික වාර්තාව අද නිකුත් වී තිබුණි. පිටු 15කින් යුත් මෙම මූලික විමර්ශන වාර්තාව මගින් වැදගත් කරුණු රැසක් අනාවරණය වී තිබේ.
අනතුරට පත් ගුවන් යානයේ නියමු කැප්ටන් ලෙස ක්‍රියා කර ඇත්තේ සමීට් සබ්ර්වාල් වන අතර ඔහුගේ පියාසර පැය ගණන ඔහුට පැය 15,638 ක මුළු පියාසර අත්දැකීම් තිබූ අතර, එයින් පැය 8,596 ක් බෝයිං 787 වර්ගයේ ගුවන් යානයක විය. අති විශාල අත්දැකීම් තිබු කැප්ටන් සමීට් සබ්ර්වාල් අති විශිෂ්ට ගුවන් නියමුවෙකු විය. එයාර් ඉන්දියා ගුවන් සමාගමේ සිටි '' මහත්මයෙකු'' ලෙස තම නම ඉදිරියේ ලියා තබා ගැනීමට සබ්ර්වාල් නිරතුරුව කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
පළමු නිලධාරියා ලෙස කටයුතු කළ ක්ලයිව් කුන්දර් 32 හැවිරිදි වියේ පසු වූ අතර ඔහුට 2020 දී නිකුත් කරන ලද වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් තිබූ අතර එය 2025 සැප්තැම්බර් 26 දක්වා වලංගු විය. ඔහු එයාර්බස් A320 නියමු අණදෙන නිලධාරියා ලෙසත් බෝයිං 787 ජෙට් යානාවල පළමු නිලධාරියා ලෙසත් කටයුතු කර ඇත. සෙස්නා 172 සහ පයිපර් PA-34 සෙනෙකා ගුවන් යානා පියාසර කිරීමටද කුන්දර් අවසර ලබාගෙන තිබුණි.
ඔහුට පැය 3,403 ක මුළු පියාසර අත්දැකීම් තිබුණි. එයින් පැය 1,128 ක පළපුරුද්දක් බෝයිං 787 ක සහය නියමුවෙකු ලෙස විය. කුන්දර් පාසල් යන කාලයේ සිටම පියාසර කිරීමට දැඩි ඇල්මක් දැක්වූ අතර 2012 දී ගුවන් නියමුවෙකු ලෙස සේවය කිරීමට පටන් ගත් බව ඔහුගේ ඥාතීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඔහු 2017 දී එයාර් ඉන්දියා ගුවන් සේවයට එක් විය.
අති විශාල අත්දැකීම් රාශියක් තිබු කැප්ටන් පයිලට් සමීට් සබ්ර්වාල්ගේ දෑතට ගත් Air India Flight 171 Dreamliner ගුවන් යානය ගුවන් ගත වූ විගස යානයේ එන්ජින් දෙකම ක්‍රියා විරහිත වී ඇති බව මූලික විමර්ශන වාර්තාව මගින් හෙළිවී ඇත.
විමර්ශකයන්ගේ දැඩි අවධානයට යොමු වී ඇත්තේ යානයේ ඇති එන්ජින් දෙක සඳහා ඉන්ධන පාලනය සදහා භාවිතා කරන “fuel control switches” වෙතය. Flight Data Recorder (FDR) ලෙස හැඳින්වෙන black box හි දත්ත අනුව, Boeing 787-8 Dreamliner යානය ගුවන්ගත වීමෙන් තත්පර කිහිපයකට පසු, ඉන්ධන පාලන ස්විච් දෙකම “cut-off” ලෙස සැකසී තිබූ බව Flight Data Recorder එකේ දත්ත හෙළි කරයි. ඒ අනුව ගුවන් යානයේ එන්ජින් දෙකටම යන ඉන්ධන නවතා දැමීමෙන් පසුව, බලය (thrust) අහිමිවීමත් සමඟින් ගුවන් යානය පාලනයට යටත් නොවී පහත වැටී ඇති බව සදහන් වේ.
නියමු කුටියේ ඇති Cockpit Voice Recorder එකට අනුව, එක් ගුවන් නියමුවෙකු අනිත් ගුවන් නියමුවාගෙන් “ඔබ ඒක cut-off කළේ ඇයි?” යැයි ප්‍රශ්න කරන අතර අනිත් ගුවන් නියමුවා පිළිතුර ලෙස “මම ඒක කළේ නෑ” යනුවෙන් පවසා ඇත. නමුත් එය කව්රු කළේද යන්න තවමත් මෙතෙක් අනාවරණය වී නැත.
ඉන්ධන පාලන ස්විච් නියමුවන් විසින් හිතාමතා විරහිත කළ ද? යානයේ ඉලෙක්ට්‍රොනික පාලන ඒකකයේ (electronic control unit (ECU) දෝෂයක් ද? නැත්නම් අද්භූත සිදුවීමක්ද?
පෙරනිමි ආරක්ෂිත මෙවලම් අනුව, ඉන්ධන පාලන ස්විච් (fuel control switches) සමාන්‍යයෙන් අනවශ්‍යව හෝ එකවර ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත. ඒවා ක්‍රියාත්මක කිරීමට අනිවාර්යයෙන්ම “pull-up and flip” ක්‍රියාවලියක් අවශ්‍ය වන අතර, එක් අතකින් ස්විච් දෙකම එකවර ක්‍රියාත්මක කළ නොහැක.
සාමාන්‍යයෙන්, මෙම switches නියමුවා විසින් තම අතින්ම pull-up සහ flip ක්‍රියාවලියක් මඟින් ක්‍රියාත්මක කළ යුතු අතර කැප්ටන් පයිලට් ලෙස කටයුතු කරන ලද සමීට් සබ්ර්වාල්ගේ පියාසර පැය ගණන පැය 15,638 ක තිබියදී මෙවැනි අත්වැරදීමක් සිදු කිසිසේත්ම සිදු නොවුණු ඇත. එමෙන්ම පළමු නිලධාරියා ලෙස කටයුතු කල කුන්දර් යනු අත්දැකීම් ඇති නිලධාරියෙකි මෙම වැරැද්ද ඔවුන් අතින් වැරදීමකින් සිදු නොවන බව නම් පැහැදිලිය. ගුවන් නියමුවන් දෙදෙනා හොඳ සෞඛ්‍ය තත්වයකින් පසු වූ බවත් මානසික අවපීඩන තත්වයකට කිසිදු අයෙකු පත් නොවී සිටිය බව වාර්තාවල සඳහන් වේ.
ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) හිටපු විමර්ශකයෙකු වන කපිතාන් කිෂෝර් චින්ටා ඉන්දීය මාධ්‍යට ප්‍රකාශ කරන්නේ fuel cut-off switches දෙකම එකවර ක්‍රියාත්මක වීම යානයේ electronic control unit (ECU) මඟින් සිදු වූ ක්‍රියාවලියක් දැයි පරික්ෂා කළ යුතු බවයි.
දැනට තිබෙන තොරතුරු අනුව, fuel system පද්ධතියේ ඕනෑම electronic fault එකක් හෝ self-triggering mechanism එකක් පිළිබඳව ආධාරක සාක්ෂි නොමැති වුවද, ඉදිරි පරීක්ෂණ තුළදී මෙම මේ ආකාරයෙන් ඉලෙක්ට්‍රොනික පාලන ඒකකයේ (electronic control unit (ECU) දෝෂයක් නිසා සිතා ගත නොහැකි අද්භූත ලෙස මෙම ඉන්ධන පාලන ස්විච් දෙක ක්‍රියා විරහිත (“cut-off”) විය හැකි දැයි සොයා බැලීම අවශ්‍යම කරුණක් බව හිටපු ගුවන් යානා අනතුරු විමර්ශක කපිතාන් කිෂෝර් චින්ටා වැඩි දුරටත් ඉන්දීය මාධ්‍යට වාර්තා කර ඇත.
Boeing 787 Dreamliner වර්ගයේ වූ මෙම යානය, GEnx-1B ලෙස හැඳින්වෙන General Electric නිෂ්පාදිත එන්ජින් දෙකකින් ක්‍රියාත්මක විය. මේ වනවිට මෙම එන්ජින් දෙකේම දෝෂයක් නොමැති බව විමර්ශකයන් පවසයි. ඉන්ධන පාලන ස්විච් දෙක ක්‍රියා විරහිත කර දැනගත් එක් නියමුවෙකු “ඔබ ඒක cut-off කළේ ඇයි?” යනුවෙන් විමසා එම ස්විච් නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරා ඇති අතර එක් එන්ජිමක් නැවත පණ නංවාගෙන ඇති අතර අනෙක් එන්ජිම ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇති අතර බලය නොමැති වීම මත ගුවන් යානය ක්‍රමයෙන් බිමට ඇදී ගොස් අනතුර සිදු වී ඇත. ඒ අනුව, නවීන ගුවන් තාක්ෂණය සමඟ යානයේ යාන්ත්‍රික ක්‍රමවේදය නිවැරදිව ක්‍රියාත්මක වූ බවක් පෙනී යන අතර යානයේ එන්ජිමට ඉන්ධන සැපයුම ක්‍රියාත්මක නොකර සිටීමේ තත්ත්වය යටතේ, යානයේ දෙපසම එන්ජින් වල thrust (බලය) පූර්ණයෙන්ම නැති වීම නිසා යානය ගුවන් (පියාසර) බලය නොමැතිව බිමට වැටීම අනතුරට හේතු වී ඇත.
මෙම විමර්ශනය නිරතුරුවම සිහිපත් කරවන්නේ, ආපදා විමර්ශනයක සම්පූර්ණ සත්‍යය සොයා ගැනීම සූක්ෂමව සහ පරිශීලනයෙන් යුතුව සිදුවිය යුතු බවයි
විශේෂයෙන් ගුවන් යානා විමර්ශකයන් ට හෙළිකරගත යුතු අපෙන් සැඟවී ඇති අනෙක් කරුණ වෙන්නේ මෙම ගුවන් යානයේ නියමුවන් දෙදෙනාගේ පවුල් පසුබිම සහ ජීවන රටාව අනුව යම් ගුවන් නියමුවෙක් ක්ෂණිකව ඇති වූ ජීවන රටාවේ යම් ප්‍රශ්නයක් හේතුවෙන් සිතා මතා ජීවිතය අහිමි කර ගැනීමේ උවමනාවෙන්ම මෙම අනතුරට හේතු වන එන්ජින් වලට ඉන්ධන සැපයුම සිදු කරන පාලන ස්විච් (fuel control switches) ක්‍රියා විරහිත කර ඇත්තේද යන්න බවයි , ඒ අනුව විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක් විය යුතු කරුණක් ලෙස මෙම ගුවන් නිලධාරීන්ගේ පුද්ගලික ජීවන රටාව පිළිබඳව ද සොයා බැලීමෙන් තව දුරටත් මේ අනතුර සම්බන්ධයෙන් නිගමනයකට එළඹිය හැකිය
මෙම අතුරු වාර්තාව මඟින් අනතුරේ හේතු සොයාගැනීමට අදාලව නව ප්‍රශ්න රැසක් ඇතිවූවද, ඉදිරි විමර්ශනවලදී තොරතුරු සම්පූර්ණ වශයෙන් අනාවරණය වීමේ අපේක්ෂාවක් පවතින අතර, ගුවන් ආරක්ෂාව සඳහා ගැඹුරු පදනමක් ලෙස මෙය ක්‍රියා කරනු ඇත
---------------------------
by (2025-07-12 16:44:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි