-වෛද්‍ය චමල් සංජීව හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.13, ප.ව.4.30) කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ දූෂිත ගනුදෙනුවට වඩා දහ පහලොස් ගුණයක දූෂිත ගනුදෙනුවක් කොළඹ ජාතික රෝහලේ රසායනාගාරය තුළ පමණක් සිදුව ඇතැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.
ඔහු පවසන්නේ පසුගිය ජුනි මාසයේ රජයේ විගණනය නිකුත් කළ විගණන විමසුමක වාර්තාවක් අනුවයි.
ඒ අනුව පසුගිය වසර තුනේදී ජාතික රෝහලේ රසායනාගාර වෛද්‍ය සැපයුම් ඒකකයේ අනුමැතියෙන් තොරව ප්‍රාදේශීයව මිලදී ගත් රසායනික ප්‍රතික්‍රියකවල වටිනාකම රුපියල් මිලියන 2500 කට වැඩිය.
මෙම දූෂිත මිලදී ගැනීම් වලදී වෛද්‍ය සැපයුම් ඒකකයේ අනුමැතියකින් තොරව ප්‍රාදේශීය මිලදී ගත් රසායනික ප්‍රතික්‍රියක වලින් රු. මිලියන 13 කට ආසන්න රසායනික ප්‍රතික්‍රියක මේ වන විට කල් ඉකුත් වී ඇත. එසේම රු. මිලියන 5 කට ආසන්න වටිනාකමකින් යුත් ප්‍රතික්‍රියක මිලදී ගන්නා විටත් කල් ඉකුත් වී තිබී ඇත. රු. මිලියන 8 කට ආසන්න වටිනාකමකින් යුත් ප්‍රතික්‍රියක කොළඹ ජාතික රෝහලේ රසායනාගාරයට භාර ගන්නා විටත් කල් ඉකුත් වීමේ දිනය මාසයකට වඩා අඩු කාලයක්ව පැවතී ඇත.
එමෙන්ම රසායනාගාරය භාවිතා කරන බොහෝ උපකරණ ලෝකයේ භාවිතාවෙන් මේ වන විට ඉවත් කරන ලද ඒවා වේ. 'මේවා මිලදී ගන්න අනුමත කෙළේ කව්ද? ප්‍රසම්පාදනය කෙළේ කව්ද? තාක්ෂනික කමිටුවේ සිටියේ කව්ද? මේවා රෝහලට බාර ගත්තේ කව්ද? මේවා නිර්දේශ කෙළේ කව්ද? කියලා සොයන්න දැන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට වගකීමක් තිබෙනවා.' වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් පවසයි.
රෝගීන් දස දහස් ගණනකට කල් ඉකුත් වූ රසායනික ප්‍රතික්‍රියක යොදාගෙන පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමෙන් එම රෝගීන්ට නිවැරදි ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට නොහැකි වේ. රසායනාගාර ප්‍රතිඵල මත ප්‍රතිකාර ලබා දුන් සංකූලතා මතුවූ හෝ මියගිය රෝගීන් ගණන කෙහෙළියගේ ක්‍රියාවට වඩා වැඩි විය යුතු යැයි ඔහු පවසයි.
හෘදයාබාධයක් තිබෙන රෝගියෙකුට හෘදයාබාධයක් නැතැයි වාර්තාවක් නිකුත් කළේ නම්, වකුගඩු රෝගයක් තිබෙන කෙනෙකුට එවැනි තත්ත්වයක් නැතැයි වාර්තාවක් නිකුත් කළේ නම්, ඒ රෝගීන් නිවසට ගිය පසු මරණයට පත්වන බව ඔහු සඳහන් කළේය.
ඔහුගේ ප්‍රකාශය සහිත වීඩියෝවක් පහතින්
---------------------------
by (2025-07-13 11:03:59)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි