~

හාලි ඩේවිඩ්සන්, බී.එම්.ඩබ්ලිව්. වැනි කෝටි 25 කට වඩා වටිනා අධි ධාරිතාවේ තහනම් යතුරු පැදි 21 සැබෑ අයිතිකරු කව්ද ? අත් අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්..! මෙතෙක් නොදුටු වීඩියෝවක් මෙන්න..! (Video)

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.13, ප.ව‍.6.30) රාජපක්ෂලාගේ රජ දහනක්ව පැවැති හම්බන්තොට  නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා  තිබී ඊයේ(12) හමු වූ ලංකාවට ආනයනය කළ නොහැකි සහ ලංකාවේ භාවිතය ද තහනම් වූ රුපියල් කෝටි 25 කට අධික වටිනාකමකින් යුත් අධි ධාරිතාවේ යතුරුපැදි 21ක් සම්බන්ධයෙන් රටේ විශාල කතිකාවක් ගොඩ නැගී තිබේ. හාලි ඩේවිඩ්සන්, බී.එම්.ඩබ්ලිව්. වැනි මිල අධික මේ යතුරු පැදි ලංකාව තුලට ගෙනාවේ කෙසේ ද? ඒවා යේ සැබෑ අයිතිකරු හෝ අයිතිකරුවන් කව්ද? මේ යතුරු පැදි බැලූ බැල්මට ම පෙනී යන්නේ කිසියම් අධි ධාරිතාවේ යතුරු පැදි එකතු කරන්නෙකුගේ ක්‍රියාවක් බවයි. එක් යතුරු පැදියක වටිනාකම රුපියල් කෝටියකට අධික බව පැවසේ. ලංකාවේ මහ මග පදින්නත් බැරි යතුරු පැදි 21 ක් කෝටි 25 කට අධික මිලක් ගෙවා ගෙනාවේ කව්ද?

කෙසේ වෙතත් මේවා ගබඩා කිරීම සම්බන්ධයෙන් ඊයේ අත් අඩංගුවට ගත් කුරුළු උද්‍යාන සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලක සැකකරුවන් දෙදෙනා අද දිනයේ(13) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. එමෙන්ම එම ගබඩාවේ හිමිකරුට විදේශ ගමන් තහනමක් ද පනවා ඇත.

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ඉහත කී යතුරුපැදි  21ක් පොලිස් භාරයට ගැනුනේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගිනි. 

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලැබුණු ඔත්තුවක් මත ඔහුගේ නියෝග සහ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමට සමගාමීව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කෙරුණි.

මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් ද සොයා ගැණින.

ඉහත කී  අධි ධාරිතාවේ යතුරුපැදි 21 ප්‍රදර්ශනය කෙරෙන මෙතෙක් එළියට නොආ වීඩියෝවක් පහතින්

---------------------------
by     (2025-07-13 12:58:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links