~

පොලිස් කොස්තාපල් සහ රියැදුරෙක්, සංවර්ධන නිලධාරියෙක් සහ රියැදුරෙක් අල්ලස් කොමිසමේ දැලේ පැටලෙති..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.13, ප.ව‍.11.20) පොලිස් කොස්තාපල් කෙනෙකු සහ ඔහුගේ රියැදුරෙකු ද, සංවර්ධන නිලධාරියෙකු සහ ඔහුගේ රියැදුරෙකු ද අල්ලස් ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ

රු.180,000/-ක (රුපියල් එක්ලක්ෂ අසූ දහස) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ කොට්ඨාසයේ (බස්නාහිර පළාත උතුර දිශාව) පොලිස් කොස්තාපල්වරයෙකු සහ රියදුරෙකු එලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගත් දෙදෙනෙකි.

රාගම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකරුවන් විසින් 2025.07.07 වන දින පැමිණිලිකරු මත්කුඩු විකුණන බවට චෝදනා කර , නිවස පරීක්ෂා කර, මත්කුඩු ග්‍රෑම් 50 ක් තිබූ බවට නඩු පවරන බවට බොරු චෝදනා කර, ඊට නඩු නොදමා සිටීමට රු.500,000/- (රුපියල් ලක්ෂ පහක) මුදලක් ඉල්ලා ඇත.

පසුව ,එම මුදල රු.200,000/- කට (රුපියල් ලක්ෂ දෙකකට) අඩු කර, එම අවස්ථාවේ දී රු.20,000/- ක (රුපියල් විසිදහසක) මුදලක් ඉල්ලා ලබාගත් පැමිණිල්ලට අනුව සිදු කරන ලද විමර්ශනයෙන් පසු ඉදිරිපත් වූ සාක්ෂි මත ඉතිරි මුදල වන රු.180,000/- (රුපියල් ලක්ෂ එක්ලක්ෂ අසූදහසක) ක මුදල ඉල්ලා, එම මුදල ලබා දෙන තෙක් ඇපයට තබාගන්නා ලද පැමිණිලිකරුගේ බිරිඳගේ විදේශ ගමන් බලපත්‍රය 2025.07.09 වන දින ආපසු ලබා දී රු.180,000/- ක මුදල ඉල්ලා භාරගැනීමේ දී ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ කොට්ඨාසයට (බස්නාහිර පළාත උතුර දිශාව) අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.07.09 වන දින ප.ව.3.00ට පමණ රාගම සතොස වෙළඳසැල ඉදිරිපිට දී (රාගම-කඩවත මාර්ගයේ දී) අත්අඩංගුවට ගන්නා ලදී.

දෙවන සිද්ධිය..

රු.10,000/-ක (රුපියල් දසදහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් පේරාදෙණිය පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු සහ රියදුරෙකු කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, කෘමි නාශක, දිලීර නාශක සහ ශාක වර්ධනය සඳහා හෝමෝන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා එම නිෂ්පාදනය කරන පලිබෝධනාශක නියැදී වශයෙන් ගෙන පරීක්ෂා කිරීම සඳහා නිවසට පැමිණීමට එම නිලධාරීන් පැමිණෙන වාහනයට ඉන්ධන ලබා ගැනීමට රු.10,000/- (රුපියල් දසදහසක) මුදලක් අල්ලස් වශයෙන් පැමිණිලිකරුගෙන් ඉල්ලා ලබා ගනිද්දී පේරාදෙණිය පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරියෙකු සහ රියදුරෙකු 2025.07.03 වන දින ‌ප.ව.1.30ට පමණ පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 

---------------------------
by     (2025-07-13 17:54:52)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links