(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.14, ප.ව.9.45) පුනරුත්ථාපන ක්‍රියාවලියේ සුවිශේෂි වු අංගයක් වූ බන්ධනාගාරගත නේවාසිකයින්ගේ කුසලතා, හැකියාවන් ජාතික තලයට ගෙන ඒම අරමුණු කර ගනිමින් බන්ධනාගාර රැඳවුවන්ගේ නිර්මාණ ඇතුළත් “ සිරසර ශිල්ප 2025 ’’ කුසලතා ප්‍රදර්ශනය මෙම මස 15, 16 සහ 17 යන දිනවලදී පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර ගේ සහ ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් ගේ ප්‍රධානත්වයෙන් හෙට (15) දින පෙරවරු 9.00 ට ප්‍රදර්ශනය ආරම්භ වේ.
මෙරට බන්ධනාගාර 28 ක රැඳවුවන්ගේ කලාත්මක කුසලතා නිර්මාණ මෙහිදී මිලදී ගැනීමේ හැකියාව පවතියි.
බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය වන කාලසීමාව තුළදී ඔවුන් සතුව පවතින දක්ෂතාවයන් අනුව කෘෂි අංශය, කොසු ඉදල් අංශය, වඩු අංශය, කම්මල් අංශය, සබන් අංශය, බේකරි අංශය, බ්ලොක් ගල් අංශය, වීවින් අංශය, මැහුම් අංශය සහ පාවහන් අංශය ඇතුළු විවිධ අංශ සදහා යොමු කරන අතර, එහිදී ඔවුන් සකස් කරනු ලබන භාණ්ඩ සහ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇත.
රැඳවියන් විසින් සකස් කරන ලද පුටු, මේස, අල්මාරි, ඇඳන්, පොත් රාක්ක, කණ්ණාඩි මේස, බිත්ති රාක්ක වැනි දැව භාණ්ඩ, කැති රේක්ක, අත් සවල්, අත් මුල්ලු, පිහි ඇතුළු කම්මල් භාණ්ඩ, ඇඳ ඇතිරිලි, රෙදි පැන්සල් කේස්, රෙදි පාපිසි, අත් පිස්නා, ඇඳ අතිරිලි ඇතුළු මැහුම් නිර්මාණ, කාබනික පොහොර, සහල්, කැවිලි වර්ග, බඩ ඉරිඟු, එළවලු වර්ග සහ පලා වර්ග, මදුරු දැල්, සාරි, බිත්ති ලාම්පු, මේස ලාම්පු, ඇතුළු නිෂ්පාදන මෙහිදී මිලදී ගැනීමේ හැකියාව තිබේ.
ඉරටු ඉදල්, අඩ සඳ පාපිසි, ලෑලි පාපිසි, දුවිලි පිස්නා, කොහු, බිත්ති සැරසිලි, කොසු මුස්නා ඇතුළු තවත් නිෂ්පාදන රැසක් මිලදී ගැනීමේ හැකියාව ඇත.
---------------------------
by (2025-07-14 16:22:10)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි