-විශේෂ වාර්තාකරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.15, ප.ව.7.00) ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී විජය පුවත්පත් සමාගමේ පාලන අධිකාරිය විසින් පල නොකියා පලා බෙදමින් ආයතනයෙන් දොට්ට දැමූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු යැයි කියාගන්නා ආරියනන්ද දොඹගහවත්ත, වර්තමානයේ මොණරා පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය දරමින් සිටියදී එහි ජනමාධ්‍යවේදිනියක වන මුදිතා දයානන්ද ට කාර්යාලය තුළ දී බැන වැදී පහර දීමට තැත් කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
දොඹගහවත්තගේ කාර්යාලය තුළ පැවති විශේෂ රැස්වීමක් අතරතුර මාධ්‍යවේදිනිය අසන ලද ප්‍රශ්නයකට උරණ වෙමින් දොඹගහවත්ත, "තමුසෙ දන්න කෙහෙල්මලක් නෑ, තමුසෙ කට වහගන්නවා, කට වහගෙන බහිනවා එළියට, කට වැහුවෙ නැත්නම් මම දනී කරන දේ" යැයි ඇයට පහත් අන්දමින් බැණ වැදී පහර දීමට ද උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොණරා පුවත්පත් ආයතනයේ සේවකයන් රැසකගෙන්ම ආරියනන්ද දොඹගහවත්තට චෝදනා එල්ලවි ඇත.
මොණරා දිනපතා පුවත්පත අද වන විට පරිපාලන දුර්වලතා සහ දරා ගත නොහැකි ණය බර නිසා වැසී යාමේ තර්ජනයකට ලක්ව තිබේ. දිනපතා පුවත්පත මුද්‍රණය නැවැත්වීමටත් පෙරම ආයතනයේ සේවකයින් 37 ක් වන්දි ගෙවා ඉවත් කිරීමේ සැළැස්මක් ක්‍රියාත්මක වී තිබේ.
ඒ අනුව පසුගිය දිනක සේවකයින් තිදෙනෙක් හදිසියේම කැඳවා පසු දින සිට ඔවුනගේ සේවය අවසන් කරන බවද, මාස දෙක හමාරක වැටුප් වන්දියක් ඉදිරියේදි ගෙවන බව ද දන්වා සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තාවේ.
මෙලෙස සේවකයින් ඉවත් කිරීමේ සැලැස්ම ඉදිරිපත් කර තිබෙන්නේ පුවත්පතේ නියෝජ්‍ය කතුවරයා විසින් බවටද වාර්තාවේ.
ආයතනයේ පැවැත්ම පිළිබඳව මතු වුණු අවිනිශ්චිතතාවය සම්බන්ධයෙන් සේවකයින්ගේ ඉල්ලීම මත ඔවුන් දැනුවත් කිරීමේ හදිසි රැස්වීමක් පසුගිය දිනක පුවත්පතේ ප්‍රධාන කතුවරයා වන ආරියනන්ද දොඹගහවත්ත සහ ලයිකා මොබයිල් ආයතනය වෙනුවෙන් පුවත්පත භාරව කටයුතු කරන නිලධාරී මහතෙක්ගේ ප්‍රධානත්වයෙන් කැඳවා ඇත.
එහිදී ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මුදිතා දයානන්ද මාධ්‍යවේදිනිය යොමු කළ ප්‍රශ්නයකට කිපුණු දොඹගහවත්ත සේවකයන් සියලු දෙනා ඉදිරියෙහිදීම කිසිදු හිරිකිතයක් නොමැතිව කතෘ පදවියේ ගරුත්වයට ද හානි වන අන්දමින් හැසිරෙමින් මාධ්‍යවේදිනියට පහත් අයුරින් බැන වැදී ඉහත කී ලෙස පහරදීමට තැත් කළේ ය.
ස්වර්ණවාහිනී නැමැති ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයට අයත් 'මොණරා' පුවත්පතේ කර්තෘවරයා මෙලෙස පාදඩයකු ලෙස හැසිරෙමින් කාන්තාවකට පහත් අන්දමින් බැණ වැදී පහර දීමට උත්සාහ කිරීම සුළු කොට තැකිය නොහැකි වන අතර එය ස්වර්ණවාහිනියට ද ගෙනාවේ කළු පැල්ලමකි.
එලෙසම මාධ්‍ය ආයතනයක කර්තෘවරයකු විසින් එහි සේවය කරන මාධ්‍යවේදනියකට පහරදීමට තැත් කිරීම ද ජනමාධ්‍ය ඉතිහාස පොතේ අලුතෙන් ලියවුණ පරිච්ඡේදයක් විය.
ආරියනන්ද දොඹගහවත්ත යනු දක්ෂ කතුවරයෙකු ද නොවන අතර ඒ පිළිබඳව ඉරිදා ලංකාදීපයේ සිටින පියන් මහත්වරුන් පවා දන්නා කරුණකි.
රාජපක්ෂලාගේ කුණු සෝදන ලොන්ඩරිය වශයෙන් ද දොඹගහවත්තව හඳුන්වති.
ඉරිදා ලංකාදීපය රාජපක්ෂලා ට විකුණා දමමින්, මඩිය තර කරගත් දොඹගහවත්ත, රාජපක්ෂලාගේ අසූචි හිරිකිතයකින් තොරව 'බස බස' ගා ගිල දැමුවේය. ඒ වෙනුවට කඩ සාප්පු ඉඩ කඩම් ආදිය ලැබූ දොඹගහවත්ත රාජපක්ෂලාගේ පිහිටෙන් කෝටිපතියකු බවට පත්විය.
ආරියනන්ද දොඹගහගත්ත යනු වැඩට දක්ෂයකු නොව, නාරිමාංශ වලට ලොල්ලෙකු මෙන්ම ඩීල් වලට දක්ෂයෙකි. ඉරිදා ලංකාදීපය විකුණා ද ඔහු විවිධ ඩීල් දැමුවෙය. ඒ වෙනුවෙන් රජයේ කොන්ත්‍රාත්තු මෙන්ම නොයෙක් සන්තෝසම් ඔහු වෙත ගලා ආවේය.
ඉරිදා ලංකාදීප කර්තෘ පුටුවේ හැමදාමත් සිටිමින් එම පුටුව මතම මියයන්නට පෙරුම් පිරූ ආරියනන්ද දොඹගහවත්තට අවසානයේ වැරදුනේ පරිපාලනය විසින් කිසිදු දැනුම් දීමකින් තොරව කනෙන් ඇද එළියට දැමීමෙනි.
ලංකාදීපයෙන් ඉවතට විසි වූ ආරියනන්ද දොඹගහවත්ත, යන එන මං නැතිව සිටියදී, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ට සම්බන්ධ වෙමින් ඔවුන් අලුතින් ආරම්භ කළ 'මොණරා' පුවත්පතේ කතෘ ධුරය පිරිනමන ලදී.
ආරියනන්ද දොඹගහවත්ත යනු වැඩ්ඩෙක් නොවන බවට තවදුරටත් සනාථ කරමින් මේ වනවිට 'මොණරා' පුවත්පත ද අගාධයට වැටී ඇත.
අපට වාර්තා වන තොරතුරු වලට අනුව මේ ආයතනය එහි මුද්‍රණ ආයතනයටත්, බෙදාහැරීම සිදුකරන ප්‍රවාහන ආයතනයටත් බරපතල ලෙස ණය වී සිටී. කෝටි දහයකට අධික මෙම ණය මුදල නොගෙවා ඉදිරියට යාම මේ ආයතනයට පහසු නැත.
එසේ තිබියදී එම ණය පසෙක තබා අලුතෙන් ඉරිදා පුවත්පත එදිනෙදා මුද්‍රණ හා ප්‍රවාහන වියදම් ගෙවා පවත්වාගෙන යන බවට ප්‍රධාන කර්තෘ දොඹගහවත්ත දැඩිව ප්‍රකාශ කර ඇත.
එහෙත් ඉරිදා මොණරා පුවත්පත මුද්‍රණය කරන ප්‍රමාණය අනුව එයින් ලැබෙන ආදායමෙන් ඒ සඳහා වන සමස්ත පිරිවැය (මුද්‍රණය, ප්‍රවාහනය, වැටුප්, විදුලිය, ජලය, දුරකථන හා වෙනත් නඩත්තු වියදම්) දරාගත හැකිදැයි එහි සිටි මාධ්‍යවේදිනි මුදිතා දයානන්ද එදින විමසා තිබේ. ඉහත කී නීච සිද්ධිය සිදුවුනේ එහිදී ය.
දොඹගහවත්ත ඇයට පහර දීමට උත්සාහ කරද්දී එහි සිටි තරුණයින් පිරිසක් ඉදිරියට පැන එම ප්‍රහාරය වළකා තිබේ.
අනතුරුව ඉහළ කළමනාකාරිත්වය විසින් යොමුකර සිටි නිලධාරියා මැදිහත්ව අදාල ප්‍රශ්නයට පැහැදිලි කිරීමක් කළ බවද ඉන්පසු තත්වය සමනය වූ බවද එම සිදුවීමෙන් පසු ආයතනය තුළ ප්‍රධාන කතුවරයා ගණන් නොගන්නා තත්වයක් උද්ගතව ඇති බවද වාර්තා වේ.
මේ තත්ත්වය නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ එම පුවත්පතේ දැන්වීම් අංශයේ දුර්වලතාවය හා දොඹගහවත්ත ගේ දුර්වල පරිපාලනය බවද පැවසේ.
72 හැවිරිදි දොඹගහවත්ත තමන්ගේ මිණිපිරියකගේ වයසේ පසුවන අවුරුදු (28) ක් පමණ කාර්යාලයේ සේවිකාවක සමග අනියම් සම්බන්ධතාවක් ගොඩ නඟා ගෙන තිබේ. ඔහුට ඇය පිළිබඳව සොයා බැලීම මිස පුවත්පතේ කටයුතු සොයා බැලීමට කාලයක් නැත.
දොඹගහවත්ත කාර්යාලයට පැමිණ සිදුකරන ප්‍රධාන කාරිය වන්නේ ඉහත කී තම ලා බාල පෙම්වතිය සමඟ තරුණයන් කතා කරන්නේ ද?, ඇය වෙතට යන්නේ ද? යන්න සොයා බැලීමය.
මෙකී සේවිකාවට කාර්යාලයේ තරුණයන් සමග කතා කිරීම තහනම්ය, එසේ කළහොත් ඇයට තැනක් නොතැනක් නොබලා ප්‍රසිද්ධියේ පහර දෙන බවද ආයතනයේ සේවකයෝ පවසති.
මොණරා ප්‍රධාන කර්තෘවරයාගේ කාර්යාලය තුළින් නිතරම සේවකයන්ට ඇසෙන්නේ දෙදෙනා අතර සිදුවන බහින්බස්වීම් බව සේවකයෝ වැඩිදුරටත් පවසති.
එම පෙම් කතාව දැන් මුළු මොණරා කාර්යාලය තුළම කොමඩි චිත්‍රපටියකි. තමාගේ මිනිපිරියකගේ වයසේ පසුවන තරුණියක් සමග පෙමින් වෙලී ඇති ආරියනන්ද දොඹගහවත්ත පුවත්පතේ සියලු කටයුතු පසෙක දමා කාර්යාලය තුළ සිදු කරන එකම කාර්යය ප්‍රේම රංගන පමණක් බවත්, පත්තර විකිණෙන්නෙ නැතුව වැටෙන එක අහන්න දෙයක් ද? යන්න එහි සේවකයෝ වැඩිදුරටත් පවසති.
එසේම ලයිකා මොබයිල් සමාගම වසර දෙකක් සඳහා පුවත්පතට අවශ්‍ය වියදම් වෙන්කර ඇතැයි සඳහන් කළ ද මාස හයකින් පමණ පසු පත්තරය විසින් සොයාගන්නා ආදායමෙන් එය පවත්වාගෙන යන ලෙස දැනුම් දී ඇති බව ද ඒ අනුව මව් සමාගම මොණරා පුවත්පතේ කිසිදු වියදමක් මාස හයකින් පසුව දරා නැති බවද පැවසේ.
---------------------------
by (2025-07-15 13:35:47)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි