~

පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම් කිරීමට රජය ගෙන එන්නට යන නීතිය ගැන නැවත සලකා බලන්න..!

-සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.17, ප.ව‍.11.00) ආහාර පරිභෝජනයට අදාල භාණ්ඩ සහ සේවාවන්ට නීති පැනවීමේදී ශ්‍රී ලංකාවේ සමාජ සහ සංස්කෘතික පසුබිමට හානිදායක නොවන ආකාරයට ප්‍රතිපත්ති සහ නීති පැනවීම සිදු කළ යුතු නැතැයි අවධාරණය කරන අප සංවිධානය පොල්තෙල් සිල්ලරට විකිණීම තහනම් කරමින් පැනවීමට යන නීතිය පිළිබඳව යලි සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

පොල්තෙල් වෙළඳපොළේ සිදුවන සමහර අයථා ක්‍රියා පාලනය කිරීම සඳහා මෙවැනි නීතියක් පැනවීමට හේතු වී ඇතැයි ජනමාධ්‍ය විසින් වාර්තා කොට තිබුණ ද එවැනි නීතියක් ක්‍රියාත්මක කිරීමේ දී මතු විය හැකි ප්‍රායෝගික ගැටලු පිළිබඳව අදාල පාර්ශවයන් සියල්ලටම පෙර අවබෝධ කරගත යුතුව තිබේ. මක්නිසාද යත් විශේෂයෙන්ම ආහාර සහ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය මිලදී ගැනීමේ ශක්තිය සහ රටේ බහුතර පිරිසගේ මිලදී ගැනීමේ සංස්කෘතිය කෙරෙහි අවබෝධයකින් යුතුව එවැනි තීරණ ගත යුතුව තිබේ.

සත්‍ය වශයෙන්ම අප රටේ ග්‍රාමීය ජනතාව අතර පමණක් නොව නාගරික අඩු අදායම්ලාභීන් පොල්තෙල් වැනි  ඇතැම් භාණ්ඩ සහ අමුද්‍රව්‍ය සිල්ලර ප්‍රමාණයන්ගෙන් මිසක ඉහළ ප්‍රමාණයන්ගෙන් මිලදී ගැනීමට ශක්තියක් නැත. ඕනෑම සිල්ලර වෙළෙද සැලක භාණ්ඩ අලෙවි වන රටාවන් නිරීක්ෂණය කිරීමේදී ඒ පිළිබඳව නිරීක්ෂණය කරගත හැක. විශේෂයෙන්ම පොල්තෙල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිලිබඳ සැලකීමේදී ඔවුන්ගෙන් බහුතරයක් යොමු වී සිටින්නේ බෝතල් කාල සහ භාග වැනි ප්‍රමාණයන්ගෙන් වන බව පැහැදිලි සත්‍යයකි.

එමෙන්ම ආගමික කටයුතු සඳහා විහාරස්ථාන සහ දේවස්ථාන වෙත පැමිණෙන ජනතාව අතර පවා පොල්තෙල් වැනි ද්‍රව්‍යයන් රැගෙන යනු ලබන්නේ සුළු ප්‍රමාණයන්ගෙනි. ඒ අනුව අප රටේ ජන ජිවිතයේ ස්වභාවය සහ ජනතාවගේ ක්‍රය ශක්තිය අනුව මෙවැනි තීරණ ගැනීම ප්‍රයෝගික නැත. එවනි තීරණ ක්ෂණිකව ක්‍රියාත්මක කිරීම ජනතාවට කරන බලවත් අසාධාරණයක්ද වනු ඇත.

එබැවින් අප ඉමහත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටින්නේ පොල්තෙල් සිල්ලරට විකිණීමට නොහැකි වන අන්දමට නීතියක් ගෙන ඒමට සුදානම් වන්නේ නම් එය නැවත සලකා බලන ලෙසට ය. එමෙන්ම ජන ජිවිතයේ සරල සංස්කෘතික ජිවන රටාවට හානිදායක වන තීරණ ගැනීමෙන් වැළකී සිටින ලෙසටය. 

සුනිල් ජයසේකර
මහ ලේකම්

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

---------------------------
by     (2025-07-17 20:21:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links