~

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ දූෂිත විශේෂඥ වෛද්‍යවරිය මහේෂි ගිය පාරේම ගිය තවත් විශේෂඥ වෛද්‍යවරු පිරිසක් තැති අරන්..! ව්‍යාපාර වසා දමා සමහරු රටිනුත් ගිහින්..!!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.17, ප.ව‍.11.30) රුපියල් 17,500.00 ක් මුදලකට රෝහලින් මිලදී ගත හැකි ශල්‍ය උපකරණ රු. 150,000.00 සිට රු. 250,000.00 දක්වා අධික මුදලකට තමන්ගේ පුද්ගලික ආයතනයකින් මිල දී ගැනීමට රෝගීන්ව යොමු කළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සේම දූෂිතව ක්‍රියා කළ තවත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ගැන ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මෙකී අනෙක් විශේෂඥ වෛද්‍යවරුන් ද තමන්ට අයත් පුද්ගලික ආයතන හරහා අධික මිල ගණන් වලට වෛද්‍ය උපකරණ සහ ඖෂධ මිල දී ගැනීමට තමන්ගේ රෝගීන්ව යොමුකර තිබේ. මෙම වෛද්‍යවරුන් මහේෂිට අත් වූ ඉරණම දැක තැති ගෙන ඇති අතර මේ වන විට තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර වසා දමා තිබේ.

සමහර විශේෂඥ වෛද්‍යවරුන් මේ වන විට තම ව්‍යාපාර ද වසා දැමීමෙන් නතර නොවී රටින් ද පිටව ගොස් ඇති බවද ලංකා ඊ නිව්ස් වෙත වැඩි දුරටත් වාර්තා වේ. 

මේ සියළුම දූෂිත විශේෂඥ වෛද්‍යවරුන් පිරිස විශාල පිරිසක් නොවන අතර 10 දෙනෙකු සහ 15 දෙනෙකු අතර පිරිසකි. ඔවුන් මෙම දූෂිත ගණුදෙනු සිදුකර ඇත්තේ බොහෝ අවස්ථාවල දී තම තැරැව්කරුවන් හරහා තමන්ගේ රථ ගාල් වල දී බවද හෙළි වී තිබේ. ඒ සාක්ෂි වළකා ගැනීම සඳහා ය. අසරණ රෝගීන් තම විශේෂඥ වෛද්‍යවරයා කෙරෙහි තබන විශ්වාසය මොවුන් අමු අමුවේ තම ජාගර මුදල් සෙවීම උදෙසා අවභාවිතා කර ඇත. වෛද්‍යවරයෙකු ලෙස පත්වීමේ දි ලබා දෙන හිපොක්‍රටීස් දිව්රුම නින්දිත ලෙස පාවා දී ඇත. 

අල්ලස් හෝ දුෂණ විමර්ශන විමර්ෂන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න පසුගියදා ඇප මත නිදහස් කෙරිණ. නමුත් ඇයට ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළු වීම තහනම් කළ අධිකරණය ඇයගේ විදේශ ගමන් ද තහනම් කෙළේ ය. 

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-07-17 22:21:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links