(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.18, ප.ව.11.00) මාලිමා ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයේ 'පේටන්ට් අයිතිය' කිසියම් කණ්ඩායමක් විසින් අයිතිකර ගැනීමට කරන වෑයමක් ගැන ජනාධිපතිවරයාට අනතුරු අඟවමින් තොරතුරු දැනගැනීමේ කොමිසමේ ඇබෑර්තුවක් සඳහා තමන් ඉදිරිපත් කළ අයැදුම්පත ඉල්ලා අස්කරගනිමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ. එකී ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
2025.07.12
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
ජනාධිපති කාර්යාලය
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමට නව සාමාජිකයකු බඳවාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2025.03.21 දින එම වෙබ් අඩවියේ පළකරන ලද දැන්වීමක් ප්‍රකාරව මවිසින් 2025.03.31 දින අයදුම්පතක් ඉදිරිපත් කරන ලද අතර 2025.06.04 දින ඊට අදාළ සම්මුඛ පරීක්ෂණයටද සහභාගී වීමි.
එතැන් සිට මේ දක්වා ඒ පිළිබඳ කිසිදු තොරතුරක් මා වෙත ලැබී නොමැති වුවද කිසියම් පිරිසක් පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය ආශ්‍රිතව ප්‍රබල ප්‍රචාරයක් ගෙනයමින් සඳහන් කළේ මා තොරතුරු කොමිසමේ සභාපති තනතුරට පත්කිරීමට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවය. තවද මා 'පට්ට දූෂිතයකු' බවත් එවැනි දූෂිතයකු තොරතුරු කොමිසමට පත්කිරීම කිසිසේත් නුසුදුසු බවත් යම් හෙයකින් තම හඬට සවන් නොදී ආණ්ඩුව විසින් මා එම තනතුරට පත්කළ හොත් තොරතුරු කොමිසම කඩාවැටෙන බැවින් ආණ්ඩුවට එරෙහිවද ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවට තර්ජනය කළ ඔවුහු ඔබතුමාටත් ආණ්ඩුවටත් මටත් එරෙහිව අතිශය ද්වේශසහගත ආකාරයේ සාමූහික මාධ්‍ය මෙහෙයුමක නිරත වූහ.
එසේ මට එරෙහිව ඔවුන් ඉදිරිපත් කළ බරපතළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් නිහඬව සිටීම තුළ මා පමණක් නොව ඔබතුමා සහ ආණ්ඩුවද දැඩි අපහසුතාවයකට බඳුන් වන බැවින් වහාම ක්‍රියාත්මක වූ මම ක්ෂණික මාධ්‍ය හමුවක් කැඳවා ඒ සියලූ චෝදනා සහමුලින්ම බිඳහෙළනු ලැබීමි. එහිදී මා ඉදිරිපත් කළ ප්‍රබල සාකෂි හමුවේ එකී විරෝධතා ව්‍යාපාරය අක්‍රීය වී ගිය අතර එම පිරිස පිළිබඳව ගැඹුරින් සෝදිසි කර බැලීමේදී මට පෙනී ගියේ ඔවුන් බොහොමයක් පසුගිය වසරේ ජාතික ජනබලවේගය ලැබූ විජයග්‍රහණයත් සමග ඊට සමීප වී එම විජයග්‍රහණයේ අයිතිය තම නමට ලියාගැනීමට වෙහෙසෙන පිරිසක් බවයි. ඒ අනුව මවිසින් ඉටුකරන ලද රටට හිතකර වූ ඓතිහාසික කාර්යභාරය පිළිබඳව රටම දැනසිටියදී මා 'පට්ට දූෂිතයකු' බවට යම් සංවිධානාත්මක ස්වරූපයකින් යුක්තව මාලිමාවේ හිමිකරුවන් ලෙස පෙනී සිටිමින් එවැනි ද්වේශ සහගත අසත්‍ය ප්‍රචාරයක් එකවර මුදාහැරීම පිළිබඳව මා අතිශය කලකිරීමට පත් වීමි.
එහෙයින් මා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වශයෙන් සිටියදී කිසිදු රාජ්‍ය ආයතනයක කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවී රටට හිතකර සුවිශේෂී තීන්දු ලබාදුන් රටම පිළිගත් ස්වාධීන තැනැත්තකු වුවද මා පිළිබඳව හිතාමතාම ද්වේශ සහගතව සිදුකරන ලද ඉහත සඳහන් සමාජ කළම්බනය හේතුකොට ගෙන තවදුරටත් විනිශ්චක ස්වරූපයේ තනතුරකට පත්කරනු ලැබීමට මා සුදුසු නැතැයි මම දැඩිව විශ්වාස කරමි. එබැවින් පහත සඳහන් සුවිශේෂ කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමින් එකී තොරතුරු දැනගැනීමේ කොමිසමේ නව සාමාජිකයකු ලෙස පත්වීමට සලකා බැලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මවිසින් ඉදිරිපත් කරන ලද ඉහත කී මාගේ අයදුම්පත මා මෙයින් ඉවත් කරගනිමි.
1. ඉහත කී පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පළකරන ලද දැන්වීමට අයදුම්පතක් යොමුකළ මා එහි සම්මුඛ පරීක්ෂණයටද ඉදිරිපත්වීම හැරුණු කොට එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මා ඊට තෝරාගත්තේද නැද්ද යන්න හෝ ඔවුන්ගේ කුමන නිර්දේශය ඔබ විසින් අනුමත කිරීමට සූදානමකින් සිටියේද නැද්ද යන්න හෝ මා දන්නේ නැත. යම් හෙයකින් ඉහත සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වූ පරිදි සත්‍ය වශයෙන්ම එවැනි අවස්ථාවක් මා වෙත ලබාදීමට ඔබ සූදානමින් සිටියේ නම් මවිසින් මෙසේ එම අයදුම්පත ඉවත්කර ගැනීම හේතුවෙන් ඔබ පත්වන අපහසුතාවය පිළිබඳව අතිශයින් කණගාටු වෙමි.
2. මා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවූවද දශක ගණනාවක පාලනය විසින් මේ රට අගාධයේ පතුලටම ගිල්ලවා ඇති මොහොතක එය අගාධයෙන් ගොඩගැනීම පිණිස කලක සිට ඔබ දරණ අවංක උත්සාහය හා අව්‍යාජ කැපකිරීම දෙස මා දෑස් දල්වා බලා සිටි අතර පසුගිය වසර අටකට අධික කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් සුවිශේෂ කාර්භාරයක් මා විසින්ද ඉටුකර ඇත. එය මා පමණක් නොව මේ රටේ සියලූ පුරවැසියන්ගේ යුතුකම හා වගකීමද වන බැවින් මින් ඉදිරියටද රට වෙනුවෙන් එම කාර්යභාරය එසේම ඉටුකරන අතර එය කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් මත රඳා පවතින්නේද නැත.
3. එසේම පසුගිය 'යහපාලන' රජයේ මා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සිටි අවදියේ රනිල් ව්ක්‍රමසිංහ අගමැතිවරයාගේ අත්තනෝමතික තීරණයක් පරිදි අතිසුඛෝපභෝගී V8 වාහන 58 ක් එජාප මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා වූ අතිශය දූෂිත ගණුදෙනුවක් සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් විය. එහි දූෂිතබව පිළිබඳව මා කොතෙක් අවධාරණය කළද ඒ බව නොසළකා කැබිනට් මණ්ඩලය පවා එය අනුමත කළ අතර මා ඊට අත්සන් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් කෝටි 243.6 ක් රටට ඉතිරි විය. මේ දක්වා තම පාලනයක් තුළ රනිල් වික්‍රමසිංහ පරාජය වූ එකම යෝජනාවද එය වන අතර එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස මාගේ ලේකම්ධූරය හා විශ්‍රාම වැටුප් හිමිකමද මට අහිමි විය. කෙසේ වුවද එදා මා හුදෙකලා සටනක නිරතව සිටියදී මාව දිරිමත් කරමින් විපකෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඔබ පාර්ලිමේන්තුවේ නැගූ හඬ මට අයෝමය ශක්තියක් වූ බව ඔබට ගෞරවයක් ලෙස මෙහි සඳහන් කළයුතුය.
4. තවද ඉතිහාසයේ ප්‍රථම වරට අතිශය තීරණාත්මකව සිදුකරන ලද නිහඬ විප්ලවයක් මගින් මේ රටේ අතිබහුතරයක් ජනතාව එකාවන්ව පෙළගැසී ඔබ ඇතුළු වත්මන් ආණ්ඩුව බලයට පත්කරන ලද තත්වයක් තුළ එක්තරා පිරිසක් විසින් එහි 'පේටන්ට් අයිතිය' තමන් සතුකර ගැනීමට හා තමන් අත ඇති 'නූල්වලින්' ආණ්ඩුව රූකඩයක් මෙන් නැටවීමට දරණ උත්සාහයද අතිශය පිළිකුල් සහගතය. ඒ අතර එම බල පෙරළිය හුදු සම්ප්‍රදායික ආණ්ඩු මාරුවක් ලෙස වරදවා වටහා ගනිමින් ළඟ ළඟම ආණ්ඩුව වැටෙන තෙක් බලාසිටින විපක‍්ෂය මෙන්ම විවිධ 'න්‍යායික ඔස්තාර්ලාද' එමගින් ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ දේශපාලන අපරිණත භාවය හා බලලෝභී මානසිකත්වය වුවද එමගින් ඔබට සහ ආණ්ඩුවට දැනෙන ආතතිය හා පීඩනයද සුළුපටු නැත. එබැවින් මා මගේ ඉහත කී අයදුම්පත ඉවත්කර ගන්නේ එයද ආණ්ඩුවට එරෙහිව තවත් මාතෘකාවක් වීම වැළැක්වීම පිණිසය.
5. එසේම ඔබ නිතර අවධාරණය කරන පරිදි ඔබේ කාර්යභාරය වන්නේ මේ රට පවත්නා තත්වය තුළම තවදුරටත් දියුණු කිරීම නොව ඉන් ඉහළ මානයකට ඔසොවා තැබීම (Paradigm shift for a higher dimension) වන බැවින් එහි අස්වැන්න නෙළීමට පෙර වල්පැළ ඉවත්කර නිසි පරිදි පොළොව සකසා ඊට සරිලන බීජ රෝපණය කළයුතු බවත් ඊට කිසියම් කාලයක් ගතවන බවත් කුඩා දරුවකුට වුවද වටහා ගතහැකි බැවින් අප සැවොම කළයුත්තේ ඔබගේ එම උදාර කර්තව්‍යයට සහාය වීම පමණි.
එබැවින් ඊට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ස්වභාවිකවම ඔබට ලැබී ඇති බැවින් කවුරුන් කුමක් කීවද රුසියාවේ පුටින් හා චීනයේ ෂී ජින් පින් මෙන් ශක්තිමත් ශ්‍රී ලංකාවක් සමග ඔබද දීර්ඝ කාලයක් මේ රට පාලනය කරන බවට මාගේ දේශපාලන අනාවැකිය පළකරමින් මෙය අවසන් කරමි.
ඔබට තව තවත් ශක්තිය හා ධෛර්යය පතමි..!
හිටපු ලේකම් - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය
පිටපත - ලේකම් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - මාගේ RTI අයදුම්පත ඉල්ලා අස්කරගැනීම සඳහා
---------------------------
by (2025-07-18 18:39:28)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි