(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.19, ප.ව.8.45) සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ගේ පුත්‍රයා වන රසික විතානගේ නමැත්තා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මතුගම ප්‍රදේශයේ දී ය. නීති විරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් ල ඟ තබා ගැනීමේ වරදට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
රසික විතානගෙන් දූෂන මර්දන ඒකකය සිදුකළ ප්‍රශ්න කිරීම් වල දී දැනගන්නට ලැබී ඇත්තේ ඔහු මෙම ජීප් රථය මිල දී ගෙන ඇත්තේ කළුතර රෝහිත අබේගුණවර්ධනගේ (රත්තරන්ගේ) දියණියගෙන් බවයි. ඒ අනුව රෝහිතගේ දියණිය අත් අඩංගුවට ගැනීමට කළුතර, නුගගොඩ පිහිටි ඇයගේ නිවසට ගිය පොලිසියට දැක ගන්නට ලැබී ඇත්තේ දියණිය සහ ඇයගේ සැමියා නිවසින් පලාගොස් ඇති බවයි.
පා.ම. ජගත් විතාන මතුගම ප්‍රදේශයේ ප්‍රකට පුද්ගලික බස්රථ රැසක් හිමි ව්‍යාපාරිකයෙකි. සේයාරුවේ ඉන්නේ මන්ත්‍රීවරයා ය.
---------------------------
by (2025-07-19 17:49:56)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි