~

ප්‍රීතියි, ප්‍රීතියි..! නිලන්ත ජයවර්ධන පොලිසියෙන් දොට්ට..!!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.19, ප.ව‍.8.45) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ තොරතුරු දැන දැනත් එය වසන් කළ එවක හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා වූ ජ්‍යෙ.නි.පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා තිබේ. ඒ ඔහු පිළීබඳ විනය පරීක්ෂණයක් පැවැත්වූ ජාතික පොලිස් කොමිසම විසිනි.

ඔහු සේවයෙන් නෙරපීමට අදාල නියෝග නිකුත් කරන ලෙස කොමිසම වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත දන්වා යවා ඇත. 

ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය ජූලි 1 වැනිදා නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කළේය. විනය පරීක්ෂණයට ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් නම් කෙරිණ. විනය පරීක්ෂණය අවසන් වන තෙක් ජාතික පොලිස් කොමිෂන් සභාව ඔහු අනිවාර්ය නිවාඩු යවා තිබිණ. විනය පරීක්ෂණයෙන් ඔහු සියළුම චෝදනාවන්ට වැරදිකරු වී තිබේ. ඒ අනුව ඔහුව සේවයෙන් නෙරපීමට කොමිසම තීන්දු කර තිබේ.

කොමිසමේ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

"විධිමත් විනය පරීක්ෂණ වාර්තාව අනුව චෝදනා පත්‍රයේ සඳහන් සියළුම චෝදනා සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අනිවාර්ය නිවාඩු ගන්වන ලද) නිලන්ත ජයවර්ධන මහතා වරදකරු බවත්, ඉහත චෝදනා ආයතන සංග්‍රහයේ 2 වන කාණ්ඩයේ සඳහන් රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකළ හැකි වරදවල් සබන්ධව පළමු උපලේඛනයේ යටතට ගැනෙන වැරදි බවත්, යන කරුණු සැලකිල්ලට ගෙන නිලධාරියා චෝදනා පත්‍රයේ සියළු චෝදනාවන් සඳහා වැරදිකරු බව 2025-07-17 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කරන ලදී. ඒ අනුව ඔහු විසින් කරන ලද වරදේ ත්‍රීව්රතාවය සැලකිල්ලට ගෙන ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 24:3:1 වගන්ති පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට 2025-07-17 දින පැවැති ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේ දී තීරණය කරන ලදී."

ජනාධිපති කොමිසමත් කීවා..

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පැවැති ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කර තිබුනේ ද නිලන්ත ජයවර්ධන තම රාජකාරි වගකීම පැහැර හැර ඇති බවත්, ඒ අනුව ඔහු අපරාධමය වරදක් කර ඇති බවය. ඒ අනුව ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද සිදුකර ඇති අපරාධමය වරදට ඔහුට එරෙහිව නඩුපවරන ලෙසද කොමිසම මගින් නිර්දේශ කර තිබිණ. නමුත් පසුගිය ආණ්ඩු ඔහුට එරෙහිව කිසිවක් සිදුනොකරන ලද අතර ඒ වෙනුවට ඔහු පොලිසියේ දෙවන බලවත් තනතුර වන ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරට පත් කෙරිණ.

නියත ලෙසම අප්‍රේල්  21 ප්‍රහාර එල්ලවන බව අවසන් තප්පරය දක්වා දැනගෙන සිටිය ද නිද්‍රාශීලීව සිටි එවක රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන සිය වගකීම් පැහැරහැරීම නිසා මානව අයිතිවාසිකම් කඩකර ඇති බැවින් ඔහු  2024 අගෝස්තු 31 ට පෙර රුපියල් මිලියන 75  වන්දියක් ගෙවිය යුතු බවට ද රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි. නිලන්ත ජයවර්ධන ඒ සා මුදලක් ගෙව්වේ කෙසේ ද යන්න ද විශාල අභිරහසකි. 

පාස්කු බෝම්බ ප්‍රහාර ගැන විවිධ කොමිෂන් සහ කමිටු මගින් පරීක්ෂන දියත් වෙද්දී නිලන්ත ජයවර්ධන තමන්ගේ ජංගම දුරකථනයේ තිබූ සියළු දත්ත ද තමන්ගේ ලැප්ටොප් පරිඝනකයේ තිබූ සියළු දත්ත ද යලි ලබා ගත නොහැකි වන සේ මකා දමා තිබිණ.

දැන් නීතිපති දෙස බලා සිටිමු..

දැන් සේවයෙන් නෙරපා දමා ඇති නිලන්ත ජයවර්ධනට විශ්‍රාම වැටුප ද අහිමි වන අතර පාස්කු බෝම්බ ප්‍රහාරයන්ගේ වින්දිතයන් බලා සිටින්නේ විය යුතු පරිදි ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ නඩු පවරනවා ද කියා ය.

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි 

---------------------------
by     (2025-07-19 17:05:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links