-කතෝලික සභාව ජනාධිපති අනුරගෙන් ඉල්ලයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.20, ප.ව.9.15) රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ හිටපු ජ්‍යෙ.නි. පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා දැමීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායකට සිය ස්තූතිය පළ කරන ජාතික කතෝලික සභාව මේ දූෂිත නිලධාරියා ගැන දැන දැනත් හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙක්ම ඔහුව ආරක්ෂා කළේ ඇයිදැයි ප්‍රශ්න කරයි. මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් අද අනුර දිසානායක දකින දේ දැක්කේ නැතිදැයි ප්‍රශ්න කරන කතෝලික සභාව ඔවුන් නිලන්ත ජයවර්ධන ආරක්ෂා කළේ කවර නම් රහසක් ආරක්ෂා කර ගැනීමට දැයි ප්‍රශ්න කරයි. එනිසාම තරා තිරම නොබලා හිටපු ජනාධිපතිවරුන් තිදෙනාව ද අධිකරණය ඉදිරියට ගෙනැවිත් සත්‍ය අනාවරණය කරගන්න ක්‍රියා කරන ලෙස වත්මන් ජනාධිපති අනුර දිසානායකගෙන් ආයාචනය කරන කතෝලික සභාව නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා හැරීමට අමතරව ඔහුට එරෙහිව අපරාධ නඩු පවරා උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙස වත්මන් වැඩ බලන පොලිස්පතිවරයාගෙන් සහ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන්ද නීතිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කරයි.
කතෝලික සභාවේ ජන සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ පූජ්‍ය ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවැත්වූ මාධ්‍ය හමුවේ වීඩියෝවක් පහතින්
---------------------------
by (2025-07-20 15:51:52)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි