~

අපරාධයක වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට රජයෙන් ලැබෙන සහාය සහ ආරක්ෂාව ගැන ඔබ දන්නවා මදි..! එහෙනම් හෙට එන්න..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.21, ප.ව‍.10.35) 2023 අංක 10 දරණ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වු ජාතික අධිකාරිය පියවර ගෙන ඇති අතර ඒ අනුව දැනුවත් කිරීමේ වැඩසටහනක් පෑලියගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් 2025 ජුලි මස 22 එනම් හෙට දින පැවැත්වීමට නියමිතව තිබේ.

කැලණිය, වෙදමුල්ල විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිවාඩු නිකේතනයේදී එදින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වේ.

මෙම වැඩසටහන යටතේ පොලිස් නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්,  ව්‍යවසායකයින් සහ මහජනතාව දැනුවත් කරනු ලබන අතර, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත පිළිබඳව වු දැනුම ප්‍රමාණවත් නොවන බැවින් මෙවැනි වැඩසටහන් ඉදිරියටත් සංවිධානය කිරීමට එම අධිකාරිය කටයුතු යොදා තිබේ.

මෙම පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොලිස් නිලධාරීන් ඇතුළු පාර්ශ්වයන් දැනුවත් කිරීම මීට පෙර සිදු කර ඇති  අතර, අපරාධ සිදු කිරීමේ හානිකර තත්වයන් පිළිබඳව පැහැදිලි කර ඒවා අවම කිරීම මෙම වැඩසටහනේ අරමුණක් බව එම අධිකාරිය පවසයි.

එකී පනත පහත දිගුවෙන් කියවන්න.
https://pdfhost.io/v/Ga35rnkPCf_අපරාධයක_වින්දිතයින්_සහ_සාක්ෂිකරුවන්_හට_සහායදීමේ_සහ_ආරක්ෂා_කිරීමේ_පනත

---------------------------
by     (2025-07-21 17:07:09)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links