-LeN විමර්ශන වාර්තාකරු ලියයි -සිංහලට නැගුවේ චන්ද්‍රප්‍රදීප්
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.21, ප.ව.11.30) ‘අනුර මීටරය’ ශාස්ත්‍රීය රාජ්‍ය නොවන සංවිධානවලට ආවේණික වූ ප්‍රචාරක ව්‍යාපාරයකින් දියත් කරන ලද අතර, ප්‍රතිපත්තිමය Think Tanks වල විශ්වාසනීයත්වය සහ විෂයගත භාෂාවක් පෙන්වයි. එහෙත්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ පොරොන්දු නිරීක්ෂණය කිරීම අරමුණු කරගත් ඊනියා ‘අනුර මීටරය’ එළිදැක්වීමෙන් සති කිහිපයකට පසු, වෙරිටේ රිසර්ච් පර්යේෂණය දැඩි පරීක්ෂාවට ලක්ව ඇත. ඒ එහි ක්‍රමවේදය සඳහා පමණක් නොව, සිවිල් අධීක්ෂණය ලෙස වෙස්වලාගත් කුහක සහ දේශපාලනිකව පටවන ලද කුරුසයක් ලෙස විචාරකයෝ විස්තර කරති.
“වගවීම නිරීක්ෂණය කිරීම සහ මැනීම” සඳහා මෙවලමක් ලෙස ප්‍රවර්ධනය කරන ලද, 'අනුර මීටරය' 2024 මැතිවරණ කාල තුළ ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන මැතිවරණ පොරොන්දු 1,325 ක් ලැයිස්තුගත කරයි. නමුත් සංඛ්‍යා පිටුපස ගැඹුරු ප්‍රශ්නයක් සහ මතභේදයක් තිබේ. මෙය සැබවින්ම විනිවිදභාවය ගැන සෙවීමක් ද, නැතහොත් පර්යේෂණ ලෙස වෙස්වලාගත් සැඟවුණු දේශපාලන මැදිහත්වීමක් ද?
මාලිමා ආණ්ඩුවේ මිතුරෝ වෙරිටේ රිසර්ච් ආයතනයට චෝදනා කරති. වත්මන් රජය යනු රටේ මුල් බැසගත් දූෂණයට එරෙහිව ක්‍රියාකාරීව සටන් කරන සහ අපහසු, පද්ධතිමය වෙනසක් හරහා රට තල්ලු කරගෙන යන රජයකි. වෙරිටේ රිසර්ච් විසින් රජය පසුගිය මාස නවය තුළ සිදු කරන ලද දැවැන්ත ප්‍රතිසංස්කරණ තෝරා බේරා නොසලකා හැරීම, ලංකාවේ මහජන අදහස් හැඩගැස්වීම සඳහා විදේශීය නාඳුනන දානපතියන් ගේ සහාය ලබා ගැනීම සහ ශ්‍රී ලංකා ඉතිහාසයේ දුර්ලභ දේශපාලන මොහොතක් දුර්වල කිරීම සඳහා ඔවුන්ගේ දත්ත හැසිරවීම සිදුකර ඇති බව පෙනේ.
2024 දී අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වීම යනු හුදෙක් මැතිවරණ ජයග්‍රහණයක් පමණක් නොවේ. බොහෝ දෙනෙක් විස්තර කර ඇති පරිදි එය රට දේශපාලනිකව ශුද්ධ කිරීමක් විය. රාජපක්ෂ යුගයේ වංචාකාරී පාලනය සහ ප්‍රභූ පන්තියේ දිගු කාලීන පාලනය රට බංකොලොත්භාවයට ගෙන ගොස් තිබුණි. රාජ්‍ය ණය තිරසාර නොවිණ. විදේශ සංචිත වාෂ්ප වී ගොස් දූෂණය ආයතනිකගතව තිබුණි. IMF වෙත යටත් වී තිබිණි.
බලයට පත්වීමෙන් පසු, අනුර දිසානායක ශ්‍රී ලංකා ඉතිහාසයේ වඩාත්ම අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ පැකේජයක් ආරම්භ කර ඇත: රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, රාජ්‍ය කොන්ත්‍රාත්තු පිළිබඳ අධිකරණ විගණන හඳුන්වා දීම සහ රජයට සම්බන්ධ සංස්ථා හරහා දේශපාලන අනුග්‍රාහක ජාල විසුරුවා හැරීම. නීතිපති දෙපාර්තමේන්තුව නිදහසින් පසු එහි විශාලතම දූෂණ විරෝධී ලේඛනය දැක තිබේ. බදු ප්‍රතිසංස්කරණ, ඩිජිටල් ප්‍රසම්පාදනය සහ කුසලතා මත පදනම් වූ පත්වීම් ජනප්‍රියවාදී අත්පත්‍රිකා වලට වඩා ප්‍රමුඛත්වය ගෙන ඇත.
“එය සැමවිටම මහජනතාවට නොපෙනේ, නමුත් රාජ්‍යය තුළ සිදුවන දේවල ගැඹුර පෙර නොවූ විරූ ය,” මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙක් පැවසීය. "දශක ගණනාවකට පසු පළමු වතාවට, ප්‍රසම්පාදනය ගජ මිතුරන්ට යන්නේ නැහැ. එය දීප්තිමත් පොරොන්දු වලට වඩා වැදගත්."
වෙරිටේ රිසර්ච් විසින් 'අනුර මීටරය' දියත් කිරීමම සැකයට තුඩු දුන්නේය. මෙය ආරම්භයේ දී වගවීම වර්ධනය කිරීම සඳහා යැයි පෙනෙන පරිදි ගණනය කරන ලද, වර්ගීකරණය කරන ලද සහ ශ්‍රේණිගත කරන ලද මාලිමාවේ පොරොන්දු 1,325 ක ප්‍රමාණයක් ඉදිරිපත් කරයි. නමුත් විචාරකයින් තර්ක කරන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රමවේද දෝෂ, යථාර්ථවාදී නොවන කාලරාමු සහ සැඟවුණු න්‍යාය පත්‍රවලින් පිරී ඇති බවයි.
විශේෂයෙන්, වෙරිටේ හි රාමුව පදික වේදිකාවල දේශපාලන අදහස් සහ ප්‍රධාන ප්‍රතිපත්ති වලට සමාන බරක් ලබා දී ඇති බව පෙනේ. මාලිමාවේ නිල ප්‍රතිපත්ති ප්‍රකාශනයට සේම අනියම් වේදිකා රැලි වල සටන් පාඨ වලට ද සමාන බැරෑරුම්කමකින් සලකා තිබේ.
“පොරෙන්දු 1,325 ක අංකයම එහි විකාරයකි,” කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාඥවරියක වන මහාචාර්ය කුමුදිකා ඉලංගකෝන් පවසයි. “ ගමේ රැලියකදී කරන සෑම ප්‍රකාශයක්ම විධිමත් පොරොන්දුවක් ලෙස වෙරිටේ ගණන් ගනී. මෙය සමස්ත අභ්‍යාසයේම විශ්වසනීයත්වය විනාශ කරයි.”
ඊටත් වඩා නරක දෙය නම්, සන්දර්භීය විශ්ලේෂණයක් නොමැතිකම විචාරකයෝ පෙන්වා දෙති. සාර්ව ආර්ථික සීමාවන්, පශ්චාත් මූල්‍ය අර්බුදය, භූ දේශපාලනික බාධාවන් හෝ නව පරිපාලනයකට අනිවාර්යයෙන්ම උරුම වන නිලධාරිවාදී කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා මීටරය ලබා දෙන්නේ සුළු ඉඩකි.
කෙසේ වෙතත්, තියුණුම විවේචනය එල්ල වී ඇත්තේ වෙරිටේ රිසර්ච් හි විනිවිදභාවයට සහ එහි නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් වෙත ය.
ආර්ථික අදහස් දැක්වීම සහ ප්‍රතිපත්ති කවයන් තුළ සිටීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ප්‍රශංසාවට ලක් වුව ද, ආචාර්ය ද මෙල් දේශපාලන මධ්‍යස්ථභාවයක් නොමැතිකම, ඔහුගේ විදේශ අරමුදල් සහිත දෘෂ්ටිවාදාත්මක නැඹුරුව සහ ඔහුගේ පුද්ගලික ලබැඳියාවන් අතර ගැටුම් පිළිබඳ චෝදනා එල්ල වේ.
රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලේඛනවලට අනුව, වෙරිටේ රිසර්ච් ඓතිහාසිකව එක්සත් ජනපදය පදනම් කරගත් National Endowment for Democracy (NED), යුරෝපීය think-tanks සහ විවෘත සමාජ ජාල ඇතුළු බටහිර සංවර්ධන ආයතනවලින් අරමුදල් ලබාගෙන ඇති අතර, එම ආයතනය සිවිල් පර්යේෂණ මුවාවෙන් විදේශීය දෘෂ්ටිවාදාත්මක අවශ්‍යතා සඳහා සේවය කළ හැකි බවට තර්ක කෙරේ. එය රටේ ජාතිකවාදීන් අතර කනස්සල්ල මතු කරන්නකි.
“බාහිර දේශපාලන පරිත්‍යාගශීලීන් විසින් අරමුදල් සපයනු ලබන සංවිධානයක් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයක දේශීය දේශපාලන ඇගයීමකට සූදානම් වන්නේ මන්දැයි ප්‍රශ්න කිරීමට අපට සෑම අයිතියක් ඇත” එන්පීපී අනුබද්ධ නීති විශ්ලේෂක නීතිඥ නිහාල් ජයකොඩි පැවසීය. “ඔවුන්ගේ වගවීම සැබෑවටම ඇත්තේ කාටද?”
කොළඹ සිවිල් සමාජ ජාලය තුළ පැතිර යන කටකතාවලින් කියැවෙන්නේ, වෙරිටේ පර්යේෂණ ආයතනය එහි ශාස්ත්‍රීය වැඩ කටයුතු නොතකා, නව ලිබරල් මධ්‍යම-දක්ෂිණාංශිකත්වය කෙරෙහි දේශපාලන නැඹුරුවක් දිගු කලක් තිස්සේ තබා ඇති බවයි. එන්පීපී රජයට පෙර වසරවල දී, යහපාලන සහ ගෝඨාභය පාලන තන්ත්‍ර නිර්වචනය කළ විවෘත ගජ මිතුරුවාදය සහ ප්‍රතිපත්තිමය වැරදි කළමනාකරණය පිළිබඳව වෙරිටේ නැවත නැවතත් නිහඬව සිටියේය. දැන් සමහරුන්ට පෙනෙන පරිදි එකී නිහඬතාවයට ද 'මුදල්මය වටිනාකමක්' තිබී ඇති බව පෙනේ.
වෙරිටේ රිසර්ච් ආයතනයට අභියෝගයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ.
2020 දී, ගෝඨාභය රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ගමන් පථය පුරෝකථනය කරමින් "ස්වාධීන ආර්ථික සමාලෝචනයක්" ලෙස හැඳින්වූ වාර්තාවක් මෙම කණ්ඩායම ප්‍රකාශයට පත් කළේය. 2022 දී විදේශ සංචිත අර්බුදය මගින් රට විදේශ ණය ගෙවීම පැහැර හරින විට ඔවුන්ගේ වාර්තාව මඟින් කළ අනාවැකි විනාශකාරී ලෙස වැරදි බව ඔප්පු විය.
මෑතකදී, වෙරිටේ ආයතනය එහි ප්‍රායෝගික වලංගුභාවයක් නැති නොපැහැදිලි මිනුම් දඬු වලට ද වඩා "හැඟීම් මත පදනම් වූ දර්ශක" සඳහා ඇති කැමැත්ත පෙන්වා ඇත. උදාහරණයක් ලෙස, මහජන විශ්වාසය මනින බව කියා සිටින එහි Public Opinion Tracker ලබා ගන්නා කුඩා සාම්පල ප්‍රමාණ, අපැහැදිලි ක්‍රමවේද සහ දේශපාලනික වශයෙන් පහසු නිගමන පෙන්වා දිය හැකිය.
"පර්යේෂණ කණ්ඩායමකට මහජන බේරුම්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය නම්, එය අනෙක් අයට අදාළ වන ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්විය යුතුය," විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛනඥ මහාචාර්ය තිස්ස දේවේන්ද්‍ර පැවසීය. "ඒ වෙනුවට, අපි ස්වාධීන යැයි පවසන නිසා අපව විශ්වාස කරන්න යැයි කියනවා නම් එය විද්‍යාව නොවේ. එය අහංකාරය යි."
NPP රජයට වසරකටත් අඩු කාලයකදී වෙරිටේ රිසර්ච් 'අනුර මීටරය' දියත් කළේ ඇයි?
විචාරකයින් තර්ක කරන්නේ කාලය හිතාමතාම සලකා ඇති බවයි. රජය ගෝලීය විශ්වසනීයත්වය ලබා ගන්නා විට දී එය 'දුර්වල ක්‍රියාකාරීත්වයක්' ලෙස නිරූපණය කිරීමට 'අනුර මීටරය' නිර්මාණය කර ඇත. පසුගිය මාස දෙක තුළ පමණක්, ජනාධිපති දිසානායක ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් තීරණාත්මක ආයෝජන පොරොන්දු ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ කලාපීය මධ්‍යස්ථභාවය නැවත තහවුරු කරමින් BRICS හවුල්කරුවන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගෙන ඇත.
මේ අතර, ඔහුගේ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඉහළ පෙළේ දේශපාලනඥයින් සහ ව්‍යාපාරික ප්‍රභූන් කිහිප දෙනෙකුට එරෙහිව දැනටමත් පරීක්ෂණ ආරම්භ වී ඇත. සමහරු හිර ගෙදරය. ඒ ප්‍රභූන් සහ දේශපාලකයන් බොහෝ දෙනෙක් පසුගිය පාලන තන්ත්‍රයන් යටතේ මුක්තිය භුක්ති වින්ද පිරිස් ය.
“අනුරගේ ප්‍රගතිය පිළිබඳව සැක පහළ කිරීමට සැලැස්විමෙන් වෙරිටේ වක්‍රව ආරක්ෂා කරන්නේ මේ ප්‍රභූ පැලැන්තිය ද?” NPP හි බිම් මට්ටමේ ජනතා විප්ලවයේ වාමාංශික විචාරකයෙකු අසයි. “ඔබ ප්‍රභූන්ගේ ආධිපත්‍යය කඩාකප්පල් කරන විට, එහි බුද්ධිමය හවුල්කරුවන් සියුම් ආකාරවලින් ආපසු පහර දෙයි.”
වෙරිටේ රිසර්ච් හි වගවීම පිළිබඳ ප්‍රශ්නය ප්‍රධාන ධාරාවේ ප්‍රශ්නයක් වී ඇත. වෙරිටේ රිසර්ච් වැනි සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරන බව කියා සිටින්නේ නම්, ඔවුන් ඔවුන්ගේ මූල්‍ය හැසිරවීම, දෘෂ්ටිවාදය සහ ක්‍රමවේදය පිළිබඳ ඔවුන්ම පරීක්ෂාවට ලක් විය යුතුය.
වෙරිටේ හි රාජ්‍ය නොවන සංවිධාන තත්ත්වය සහ විදෙස් පරිත්‍යාගශීලීන්ගේ සබඳතා ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීම සඳහා විගණකාධිපතිවරයාට වැඩි වැඩියෙන් ඉල්ලීම් ලැබෙමින් තිබේ. මේ අතර, සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශ අරමුදල් සහිත සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවක් පිළිබඳ අදහසක් ද ඉදිරිපත් කර ඇත. නමුත් තවත් සමහරු මෙය නීත්‍යානුකූල සිවිල් ක්‍රියාකාරිත්වයට බිය උපදවන බලපෑමක් ඇති කළ හැකි යැයි කනස්සල්ලට පත්ව සිටිති.
වැදගත් වන්නේ, එන්පීපී රජය විසින් වෙරිටේ රිසර්ච් ප්‍රසිද්ධියේ හෙළා දැක නොමැති වීමයි. සමහරු පවසන්නේ එය එන්පීපී රජයට තමන් පිළිබඳ ඇති විශ්වාසය හා ඔවුන්ගේ සංයමයේ ලකුණකි.
“වත්මන් පරිපාලනය පළිගැනීම්වල නිරත නොවනු ඇත,” ජනාධිපති මාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. “නමුත් රජය ගන්නා සැබෑ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සුළු කොට තැකීමට, විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් යැපෙන PR campaigns ගන්නා උත්සාහයන් මහජනතාව විනිවිද දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”
වෙරිටේ රිසර්ච් ආයතනයට ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ක්ෂේත්‍රය තුළ විශ්වසනීය තත්ත්වයක් ආරක්ෂා කර ගැනීමට නම්, දැන් එහි නායකත්වය මත ප්‍රශ්න කිහිපයක් එල්ල කරමු
1. පොරොන්දු 1,325 නිර්වචනය කිරීමට භාවිතා කළ ක්‍රමවේදය කුමක්ද?
2. පොරොන්දුවක් ඉටු වී තිබේද?, අඛණ්ඩව පවතීද?, නැතහොත් කඩ කර තිබේද? යන්න තීරණය කරන නිර්ණායක මොනවාද?
3. ආර්ථික සීමාවන් සහ බලහත්කාර සිදුවීම් සඳහා මීටරය ගණන් කරන්නේ කෙසේද?
4. 'අනුර මීටරය' සඳහා සෘජුව හෝ වක්‍රව අරමුදල් සපයන්නේ කවුද?
5. පෙර පාලන සමයන් වලදී මෙවැනි මුලපිරීමක් දියත් නොකළේ ඇයි?
6. වෙරිටේ රිසර්ච් හි නායකත්වය සහ එහි පාලන ව්‍යුහය තුළ සිටින අයගේ දේශපාලනික සම්බන්ධතා හෙළි කරනවා ද?
ආචාර්ය ද මෙල් තවමත් මෙම නිශ්චිත ගැටළු වලට ප්‍රතිචාර දක්වා නැත. නමුත් තම ආයතනය “සාක්ෂි මත පදනම් වෙනවා සහ පක්ෂග්‍රාහී නොවීමේ” ආචාර ධර්ම රකිනවා යැයි සාමාන්‍ය ආරක්ෂක සහතිකයක් තමන්ම නිකුත් කර ඇත.
දැනට, 'අනුර මීටරය' අඛණ්ඩව පවතී. නමුත් 'අනුර මීටරය' මගින් නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන 'පොරොන්දු' වලට වඩා 'අනුර මීටරයේම' ක්‍රමාංකනය සැක සහිත වී තිබේ.
දිගු කාලීන ප්‍රභූ පාලනාධිකාරයක් බිඳවැටීමෙන් පසු නැගෙන ජනතාවාදී රාජ්‍යයක ප්‍රජාතන්ත්‍රවාදයක දී, 'විනිවිදභාවය' සඳහා ඇති ඉල්ලුම වලංගු වේ. නමුත් 'විනිවිදභාවය' තෝරා බේරා ගත නොහැක. අපැහැදිලි නියෝග, විකෘති නිර්ණායක සහ පැහැදිලි නැති අරමුදල් සමඟ සිදුකරන 'අධීක්ෂණ මෙවලම්' නිර්මාණය කරන විට, ඒවා සත්‍යයට වඩා විකෘති කිරීමේ උපකරණ බවට පත්වීමේ අවදානමක් ඇත.
ශ්‍රී ලංකාව නව මාවතකට යොමු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක නිර්භීත පියවර ගෙන තිබේ. වෙරිටේ රිසර්ච් හි 'අනුර මීටරය' සාධාරණ විගණනයක් ද නැතහොත් දේශපාලනික වශයෙන් ආරෝපණය කරන ලද අවධානය වෙනතකට යොමු කිරීමක් ද යන්න අවසානයේ විනිශ්චය කළ හැක්කේ විදෙස් අරමුදල් මගින් හෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් නොව, අනාගතය අවදානමට ලක්ව ඇති පුරවැසියන් විසිනි.
(ලංකා ඊ නිව්ස් ඉංග්‍රීසි සංස්කරණයේ පළවූ වාර්තාවක සිංහල පරිවර්තනයකි -සිංහලට නැගුවේ චන්ද්‍රප්‍රදීප්)
---------------------------
by (2025-07-21 19:51:54)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි