~

දේශබන්ධු සියළු චෝදනාවන්ට වැරදිකරු..! පරීක්ෂන කමිටු තීන්දුව කතානායකට..! (Video)

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.22, ප.ව‍.10.00) දැනට ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව විසින් ඔහුට එරෙහිව එල්ලවූ සියළු චෝදනාවලට වරදකරු බව නිර්දේශ කර ඇතැයි ද එම වාර්තාව කමිටුව තමාට ලබා දී ඇතැයි ද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 

ඒ අනුව ඉදිරි දිනයක දී දේශබන්ධූ ධූරයෙන් පහ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති අතර එය විවාදයට ගෙන සරල බහුතරයකින් සම්මත වීමෙන් අනතුරුව දේශබන්ධු ධූරයෙන් පහ කෙරෙනු ඇත. මෙකී යෝජනවා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළු කර දින පහකට පසුව විවාදයට ගැනෙනු ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කල පරීක්ෂණ කමිටුවේ සභාපතිධුරය දැරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන යි.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන අය එහි සෙසු සමාජිකයෝ වූහ.

පරීක්ෂන කමිටුව දින 10 ක් රැස්වී සාක්ෂිකරුවන්ගෙන් සාක්කි විමසූහ.

මෙලෙස ධූරයෙන් පහ කිරීමෙන් පසු දේශබන්ධුට ද විශ්‍රාම වැටුප සේම හිටපු පොලිස්පති ලෙස පෙනී සිටීමට හෝ කිසිදු වරප්‍රසාදයක් ද හිමි නොවනු ඇත.

මේ අතර මැයි 8 වැනිදා ගෝල්ෆේස් පිටියේ ගෝඨා ගෝ ගමට ප්‍රහාර එල්ල කිරීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස දේශබන්ධු නම් කිරීමෙන් වලක්ලමින් අභියාචනාධිකරණය ලබා දී තිබූ නියෝගයක් අද ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කළේ ය. ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපතිවරයා ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගනිමිනි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගෙන එන සවිස්තර වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2025-07-22 19:37:56)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links