(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.22, ප.ව.10.45) 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-06-16 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, එකී කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවද වාර්තා වේ.
නව පනත අනුව හිටපු ජනාධිපතිවරුන්ට ලැබෙන්නේ විශ්‍රාම වැටුප පමණි. රටේ සෙසු පුරවැසියන්ට සේම අවශ්‍යතාව සලකා බලා සුදුසු ආරක්ෂාවක් ලැබෙනු ඇත.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත්, ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
වත්මන් මාලිමා ආණ්ඩුව පත්වීමට පෙර සිටම හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කරන බවට ජනතාවට ඍජු ප්‍රතිඥාවක් දුන්නේ ය. එය ප්‍රමාද වන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරද්දී වරප්‍රසාද හිමි ජනාධිපතිවරුන්ගේ හෙංචයියෝ 'කෝ කොළාදැයි' අසමින් ඒ ගැන ඔලොක්කුවට කතා කළහ.
කෙසේ වෙතත් ධූරයෙන් නිසි ලෙස විශ්‍රාම නොගෙන ධූරය හැරදා පලා ගිය ගෝඨාභයට විශ්‍රාම වැටුපක් හෝ ලැබිය යුත්තේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරති.
---------------------------
by (2025-07-22 18:29:28)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි