(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.22, ප.ව.11.00) කිරිබත්ගොඩ දී ඊයේ පොලිසිය කළ සෝදිසි මෙහෙයුමක දී ටී 56 ගිනි අවියක් එම පතොරම් 30ක් සහිත පතොරම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 650ක්ද සමග පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් ත්‍රීවීල් රථයකින් ගමන් කරද්දී අත් අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු එල්ටීටීඊයට සම්බන්ධව සිට පසුව පුනරුත්ථාපනය ලැබූ අයෙකි.
ඉහත සැකකරු මෙම ගිනිඅවිය වව්නියාව සිට කොළඹ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවත් මෙම ගිනිඅවිය තවත් පාර්ශ්වයක් වෙත ලබාදී අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත වව්නියාවට රැගෙන යාමට සැලසුම් කර ඇති බවට සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහුගෙන් දිගින් දිගට කළ ප්‍රශ්න කිරීම් වල දී සෙට්ටිකුලම පොලිස් බල ප්‍රදේශයේ නෙරියකුලම් හි වත්තක පොළොව යට ආරක්ෂිතව වළ දමා තිබූ ග්‍රෙනේඩ් වර්ගයේ ජීව අත්බෝම්බ 86 ක් සහ T56 උණ්ඩ 326 ක් ද පැති අවි පතොරම් 03 ක් ද පොලිසිය විසින් අද සොයා ගෙන තිබේ. ඒ සමග මත් කරල් 5,600 ක්ද අදාළ ඉඩමේ වල දමා තිබියදී සොයා ගෙන ඇත.
සෙට්ටිකුලමේ නෙරියකුලම්හි නිවස සහ වත්තේ හිමිකරු කිරිබත්ගොඩ දී අත් අඩංගුවට ගත් අයගේ සමීපතම සගයෙකු වන අතර ඔහුද අත් අඩංගුවට ගෙන ඇත. ඔහු වයස අවුරුදු 22 ක අයෙකි.
පොලිසිය පැවසුවේ මෑත කාලයේ දී අත් අඩංගුවට ගත් විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය මේ බවයි.
සැකකරුවන් වැඩි දුර විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත මර්දන කොට්ඨාශයට බාර දීමට නියමිත ය.
---------------------------
by (2025-07-22 18:54:13)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි