මිහින්තලේ රජමහා විහාරාමාධිපති හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.22, ප.ව.11.30) පසුගිය ආණ්ඩු සමයේ ජනාධිපති රනිල් වික්කමසිංහ සහ බුද්ධ ශාසන ඇමැති විදුර වික්‍රමනායක එකතු වී කිසිවෙකුට නොදන්වා ලංකාවේ තෙරණියක් නමින් පිහිටුවා තිබූ එකම ස්ථූපය වන මිහින්තලාවේ පිහිටි 'අනුලා ස්ථූපය' තායිවානයට රුපියල් මිලියන 300 කට එනම් රු. කෝටි 30 කට විකුණා දමා ඇති අපූරු පුවතක් වාර්තා වේ.
ලංකාවේ පළමු රහත් තෙරණිය ලෙස මහාවංශයේ සඳහන් වන්නේද අනුලා මහරහත් තෙරණියයි.
මේ බව හෙළිකරන්නේ මිහින්තලේ රජමහා විහාරාමාධිපති පූජ්‍ය වළවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් විසිනි. එහිමියෝ අද මේ පිලිබඳව පරීක්ෂනයක් කරන්නැයි ඉල්ලා කොළඹ පොලිසියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට එනම් සීඅයිඩියට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ඉන්පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරාමාධිපති වහන්සේ මෙසේ පැවසූහ.
" මේ රජය බාර ගන්න පෙර රනිල් වික්‍රමසිංහ මහත්තයා, විදුර වික්‍රමනායක ඇතුළු කණ්ඩායම මිහින්තලාවේ පවතින 'අනුලා ස්ථූපය' රුපියල් මිලියන 300 කට විකුණලා තියෙනවා. ඒ හින්දා මේ අය මේ කරලා තියෙන මූල්‍ය අපරාධය සහ මේ සංස්කෘතික වටිනාකමකින් යුත් අපරාධය, ලෝකයේ තෙරණියක් වෙනුවෙන් ඉදිවෙලා තිබෙන එකම ස්ථූපය මේ අනුලා ස්ථූපය, මම තමයි ඒක ලෝකයට හඳුන්වා දීලා මම මේක පටන් ගත්තේ. ඒක පටන් ගත්තට පස්සේ ධාතුන් වහන්සේලා හම්බ වුනා, පුරාවස්තු හම්බ වුනා. මම දන්නෙත් නැතුව, මල්වතු විහාරේ මහ නායක හාමුදුරුවෝ දන්නෙත් නැතුව විදුර වික්‍රමනායක සහ රනිල්ලා තායිවානයේ සිටින භික්ෂුවකට (ලාංකික භික්ෂුවකගේ නමක් සඳහන් කරයි) මේක විකුණලා. අද වෙනතුරු මේවාට වෙච්චි දෙයක් දන්නේ නෑ. හොයලා බලන්න, නිලධාරීන් 9 ක් සම්බන්ධ වෙලා තියෙනවා. මේකට නීතිය ක්‍රියාත්මක කරන්න.."
සේයාරුවේ දැක්වෙන්නේ අනුලා ස්ථූපයේ නටඹුන් ය
---------------------------
by (2025-07-22 19:29:54)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි