~

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.23, ප.ව‍.10.40) නව අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන ගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රීති පද්මන් සූරසේන ගේ නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළේය.

ඒ අනුව අද (23) රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී ඊට අනුමැතිය හිමිවී තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කළේය.

ඉහළ පෙළේ නඩු කිහිපයක මුලසුන හොබවා ඇති ඒ මහතා, ධුරයේ රාජකාරී සිදුකිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

වත්මන් අගවිනිසුරුවරිය මුර්දු ප්‍රනාන්දු මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.

---------------------------
by     (2025-07-23 17:13:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links