~

රටවල් 40 කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීන්දු කරයි..! ලැයිස්තුව මෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.25, ප.ව‍.7.20) සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය ඇතුළු රටවල් 40 කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කර ඇතැයි ද අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි ද ඇමැති විජිත හේරත් අද පැවසීය. ඒ හොටෙල් ෂෝ කළම්බු 2025 ප්‍රදර්ශනයට එක්වෙමිනි. 

ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරි සංගමය, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව 17 වන වරටත් සංවිධානය කරන Hotel Show Colombo - 2025 සමාරම්භක අවස්ථාව අද (25) පෙරවරුවේ BMICH හි දී පැවැත්විණ. 

මීට පෙර රටවල් 7 කට වීසා නොමිලේ තිබූ අතර දැන් එය 40 දක්වා වැඩි වනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය. පෙර ඇතුලත් වූ රටවල් 7 නම්, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ ජපානය යන රටවල් 7 යි.

අදාළ රටවලින් ලංකාවට පැමිණීමේ දී වීසා ගාස්තුවක් අය නොකිරීමේ දී රජයට ඇ.ඩො. මිලියන 66 ක පමණ වාර්ෂික ආදායමක් අහිමි වන නමුත් ඉන් සිදුවන සංචාරක ප්‍රවර්ධනයෙන් ඊට වඩා වැඩි ආදායමක් රටට උපයා ගතහැකි වනු ඇති බවත් ඇමැති විජිත හේරත් පැවසීය. "ඒ වගකීම ඔබ සතුයි" ඇමැතිවරයා හෝටල් හිමියන්ට කීය. 

වීසා ගාස්තු අය නොකරන රටවල් 40 පහත දැක්වේ.

1.United Kingdom of Great Britain and Northern Ireland 
2.Federal Republic of Germany
3.Kingdom of the Netherlands
4.The Kingdom of Belgium
5.The Kingdom of Spain
6.The Commonwealth of Australia
7.Republic of Poland
8.The Republic of Kazakhstan
9.The Kingdom of Saudi Arabia
10.The United Arab Emirates
11.Federal Democratic Republic of Nepal 
12.People's Republic of China *
13.The Republic of India *
14.The Republic of Indonesia *
15.The Russian Federation *
16.The Kingdom of Thailand *
17.The Federation of Malaya *
18.Japan *
19.Republic of France
20.United States of America
21.Canada
22.Czech Republic (Czechia)
23.Republic of Italy
24.Swiss Confederation (Switzerland)
25.Republic of Austria
26.State of Israel
27.Republic of Belarus
28.Islamic Republic of Iran
29.Kingdom of Sweden
30.Republic of Finland
31.Kingdom of Denmark
32.Republic of Korea
33.State of Qatar
34.Sultanate of Oman
35.Kingdom of Bahrain
36.New Zealand
37.State of Kuwait
38.Kingdom of Norway
39.Republic of Türkiye
40.Pakistan

---------------------------
by     (2025-07-25 14:07:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links