-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි
(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.27, ප.ව.11.00) වසර 76 කට පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වාමවාදී ජනතාවාදී දේශපාලන පක්ෂයක් රටවැසියන් විසින් තම පාලනයට තෝරා ගන්නා ලදී. ඒ හා සමගම සිදුවූයේ දශක ගණනාවක් බලය තම පුද්ගලික ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් යොදාගත් දූෂිත ප්‍රභූ පැළැන්තිය දේශපාලන භූමියෙන් අතු ගා දැමීමයි. නමුත් බලය අහිමි වූ දූෂිත ප්‍රභූ පැළැන්තිය නිකම් නොසිටිනා බවත් ඔවුන් නව ජනතාවාදී ආණ්ඩුවේ ජනතාවාදී ක්‍රියාමාර්ග කඩා කප්පල් කරමින් ප්‍රතිවිප්ලවය දියත් කරන බවත් ඉතිහාසය විසින් ඇති තරම් ඔප්පුකර තිබේ. ලංකාවේ ද එය පසුගියදා මිනුවන්ගොඩින් එළියට පැමිණ තිබේ.
පසුගියදා පැවැති පළාත්පාලන ඡන්දයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ බලය හිමි වූයේ ජාතික ජන බලවේගයට ය. එහි සභාපතිවරයා වූයේ ජාතික ජන බලවේගයේ අසංක සංජීවට ය.
වත්මන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ ප්‍රථම අය වැයෙන්ම ඈත ගම් වල ප්‍රාදේශීය පාරවල් සංවර්ධනයට රු.මිලියන 14000 ක් තරම් විශාල මුදලක් වෙන් කෙරිණ. එය මේ වසර අවසන් වන විට භාවිතා කර අවසන් කළ යුතු ය. ඒ අනුව යමින් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව ඇතුළු පිරිසේ සැලසුම් අනුව මිනුවන්ගොඩ වීදියවත්ත දොලාගත ප්‍රදේශයේ පිහිටි 'බාඳුරාවත්ත පාර' රුපියල් ලක්ෂ 10 ක වියදමින් කොන්ක්‍රීට් අතුරා පිළිසකර කිරීම සිදුකෙරිණ.
මේක උහුලාගත නොහැකි වූ ඉහත කී පරාජිත ප්‍රතිවිප්ලවයේ ජඩයන් පිරිසක් කොන්ක්‍රීට් දමා පැය කිහිපයක් යාමටත් මත්තෙන් කොන්ක්‍රීට් රඳවා ගැනීමට භාවිතා කළ පැති ලෑලි සියල්ලම ද ගලවා දමා යකඩ මුල්ලු වැනි දේවල් වලින් ඇන කොන්ක්‍රීට් පාර විනාශ කර දමා තිබේ.
සභාපති අසංක සංජීව පවසන්නේ අපරාධය සිදුකළ ජඩයන් කව්දැයි සොයා ගැනීමට පොලිසිය විසින් අවට ඇති සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කරන බවත් සිද්ධියෙන් වූ අලාභය තක්සේරු කිරීමට ප්‍රාදේශී සභාව ක්‍රියා කරගෙන යන බවත් ය.
මෙම සිද්ධිය සුළුවෙන් සැලකිය යුතු දෙයක් නොවන බව අපගේ තක්සේරුවයි. මෙය බලය අහිමි වූ ප්‍රභූ පන්තියේ හෙංචයියන් විසින් ඉදිරියේ සිදුකිරීමට නියමිත ප්‍රතිවිප්ලවයේ මූලික අංකුර බව පෙනී යයි.
මෙය ප්‍රදේශයේ ජනතාවට එරෙහිව සිදුකරන ලද අපරාධයක් පමණක් නොව විධායක බලයද ඇතුළුව තුනෙන් දෙකක බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවකට එරෙහිව එල්ල කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස සැලකිය යුතුය.
සේයාරුවෙන් දැක්වෙන්නේ පාරට සිදුකරන ලද අපරාධයයි. සේයාරුව ලංකාදීපයෙනි.
---------------------------
by (2025-07-27 20:48:59)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි