~

උග්‍ර හිඟයට පිළියමක්..! සිවිල් ආරක්ෂක බලකායේ 10,000 ක් පොලිසියට..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.27, ප.ව‍.11.10) දෛනික ආරක්ෂක රාජකාරි සඳහා යොදා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ගැනීමට සැලසුම්කර තිබෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

ඊට අදාළ මූලික කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් වැඩි කල් නොගොස් එම නිලධාරීන් 10,000 පොලිස් ස්ථාන වෙත නිදහස්කර ගැනීමට හැකිවනු ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දෛනික පොලිස් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් පොලිස් ස්ථාන සහ අධිකරණ වල ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් නිදහස් කර ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් එම රාජකාරිවල යෙදවීම අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකා පොලිසියේ මේ වන විට පවතින දැඩි පිරිස් බල හිඟයට පිළියමක් ලෙස මෙම පියවර ගන්නා බව සඳහන්ය. සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් අධිකරණ, පොලිස් ස්ථාන ඇතුළු දෛනික ආරක්ෂක රාජකාරි සඳහා යෙදවීමෙන් අනතුරුව මෙතෙක් එම ස්ථානවල ආරක්ෂාවට යොදවනු ලැබූ පොලිස් නිලධාරීන් දෛනික පොලිස් රාජකාරි සහ දීප ව්‍යාප්තව මේ වන විට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය හා අපරාධ නිවාරණ මෙහෙයුම්වලට යොදා ගන්නා බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත්  සඳහන් කළේය.

මේ වනවිට පොලිසියේ පොලිසියේ පුරප්පාඩු 28,000ක් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 08 වෙනිදා ප්‍රකාශ කළේය. එම හිඟය පියවීම සඳහා ඉක්මනින්ම ශ්‍රී ලංකා පොලිසියට නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

මීට ඉහත ආනන්ද විජේපාල වරක් කියා සිටියේ විශ්‍රාම වයස ඉක්මවා නොමැති නමුත් හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින 10000 ක් පොලිසියට බඳවා ගැනීමට යන බවයි.  

(ගයාන් කුමාර වීරසිංහ දිනමිණට ලියූ වාර්තාවක් ඇසුරිනි )

---------------------------
by     (2025-07-27 21:57:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links