~

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තවමත් පාඩම් ඉගෙන ගෙන නෑ..! අල්ලස් කොමිසම අදත් එකෙක් අල්ලයි..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.28, ප.ව‍.11.10) නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු ඇතුළු පිරිසක් අල්ලස් ලෙස ලබා ගත් රුපියල් ලක්ෂ 42 කට අධික මුදලක් සහිතව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන නඩු පැවරුවද එම දෙපාර්තමේන්තුව තවමත් පාඩමක් ඉගෙන ගෙන නැති බව පෙනේ. එසේ කියන්නට සිදුව ඇත්තේ නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ දී අල්ලස් ලබාගැනීමක් සිදුකළ තැරුව්කරුවෙකු කොමිසමේ නිලධාරීන් විසින් අද දිනයේ ද අත්අඩංගුවට ගත් නිසා ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමක් මගින් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යලය අසල දී රු. 10,000/- ක අල්ලස් ලබාගැනීමක් සම්බන්ධව තැරැව්කරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

යතුරු පැදියක අනු ලියාපදිංචි සහතිකය, මුල් ලියාපදිංචි සහතිකය ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මගින් සංශෝධනය කරවා දීමට අල්ලස් වශයෙන් රු. 30,000/- ක මුදලක් ඉල්ලා එකී මුදලින් ලේඛණ භාරගත් අවස්ථාවේ අත්තිකාරම් මුදල් වශයෙන් රු. 10,000/- ක මුදලක් ඉල්ලා ලබාගැනීමේ දී, එම කාර්යාලයට යාබද ගජබා මාවතෙහි කඩ කාමරයක් තුළදී මෙම තැරැව්කරු අද(28) දින පෙ.ව. 11.10 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යනු අල්ලස ඉහ වහා ගිය රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. එහි සිටින කාන්තාවෝ ද කිසිදු ලැජ්ජා බයක් නැතිව පගාව ඉල්ලති.

---------------------------
by     (2025-07-28 17:58:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links