(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.28, ප.ව.11.20) හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ තර්ජන සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පරීක්ෂන වලදී අනාවරණය වී ඇත්තේ සිදුකළ මරණ තර්ජනය ඔහු විසින්ම ඔහුගේ මිතුරෙකු ලවා ඔහු වෙත ගෙන්වා ගෙන ඇති බවයි. දුරකථන වාර්තා අනුව ඉහත කී ඔහුගේ මිතුරාද අත් අඩංගුවට ගෙන ඇත.
ප්‍රියන්ත ජයකොඩිගේ කීමට ටිරාන් අලස්ට, හිටපු ජ්‍යෙ.නි.පොලිස්පති පතිනායකට, දේශබන්දු තෙන්නකෝන්ට ද දැනට අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.
පොලිසිය සඳහන් කර සිටියේ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් මේවන විට රාගම ශික්ෂණ රෝහලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ සිටින බවයි.
ප්‍රියන්ත ජයකොඩි කලක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ද රාජකාරි කළ අයෙකි. එකල ඔහු කෙතරම් බොරු කියන්නට ඇතිදැයි මේ සිදුවීම් වලින් සැකයක් ඇති වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ප්‍රසිද්ධ කළ වීඩියෝවක් පහතින්
---------------------------
by (2025-07-28 19:16:43)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි