(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.28, ප.ව.11.20) මිනීමැරුම් චෝදනාවකට හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිනීමැරීමට ආධාර අනුබල දීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත. පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ශාන්ත සමරවීර පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව මීට පෙර නාවික හමුදා නිලධාරියකු වන සුමිත් රණසිංහ ද අත්අඩංගුවට ගෙන තිබිණි.
පොතුහැර ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ ශාන්ත සමරවීර පැහැගෙන ත්‍රීකුණාමලය, ගන්සයිඩ් කඳවුරට ගෙන ගොස් රඳවා ඇති බවත්, පසුව ඔහු මරා දමා ඇති බවත් එවකට නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ ධුරය දැරූ නිශාන්ත උළුගෙතැන්න ඊට ආධාර අනුබල දී ඇති බවත් අනාවරණය වී තිබේ.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ගන්සයිඩ් කඳවුරේ බිත්තියක ලියා තිබූ ලිපිනයක් හමු වී තිබිණි. සබන් කොළයක ද එය ලියා තිබියදී හමුවූ අතර, පසුව අදාළ ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයකුගේ අත් අකුරු සමග සැසඳීමේදී ඒවා එක් අයකුගේ බවත් ඔහු පොතුහැරදී පැහැරගත් ශාන්ත සමරවීරගේ බවත් තහවුරු වී ඇත.
ඒ අනුව අත් අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපතිවරයා අද පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය. පසුව ඔහු කෑගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ප්‍රසිද්ධ කළ වීඩියෝවක් පහතින්
---------------------------
by (2025-07-28 19:20:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි