~

අල්ලස් කොමිසම වැඩ..! පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත් අඩංගුවට..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.29, ප.ව‍.9.45) විමර්ශන සිදුකිරීමටත්, වැටලීම් කිරීමටත් පමණක් නොව අධිකරණ ඉදිරියේ නඩු ගොනු කිරීමටත් නීතිමය බලතල ඇති ශ්‍රී ලංකාවේ එකම ආයතනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පමණි. පොලිසියට බලය ඇත්තේ වැටලීම් කිරීම විමර්ශන කිරීම පමණකි නඩු ගොනු කළ යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව ය. නීතිපති දෙපාර්තමේන්තුවට විමර්ශන කිරීම වැටලීම් කිරීම සිදුකළ නොහැකිය. ඒ අනුව අල්ලස් කොමිසම සර්වබලධාරී වේ. 

මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරයෙක් වූ රංග දිසානායක එහි අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට අලුතින් පත් වීමෙන් අනතුරුව කොමිසම නව පණක් ලද්දා සේ සිය රාජකාරි කරමින් සිටී. ඒ සම්බන්ධයෙන් රටේ නීතිප්‍රේමී, යුක්තිප්‍රේමී ජනතාව ඉන්නේ අමන්දානන්දයෙනි. 

එහි අලුත්ම සිදුවීම නම් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් කොමිසම විසින් අද  අත් අඩංගුවට ගැනීමයි. 

ඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකාර ව්‍යාපාරිකයා විසින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන වැලි ව්‍යාපාරය කරදරයකින් තොරව පවත්වා ගෙන යාමට හා වැලි කැණීම් කරන ස්ථානයේ සිට ගබඩාවට ට්‍රැක්ටර් මගින් වැලි ප්‍රවාහනය සිදු කරනු ලබන අවස්ථාවන් හි දී නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා මාසිකව රුපියල් 50,000/-ක මුදලක් බැගින් ඉල්ලා, අවස්ථා ගණනාවක දී රුපියල් 47,000/-ක මුදලක් ඉල්ලා ලබා ගෙන නැවත ඉහත පරිදි කටයුතු කර දීම සඳහා ස්ථානාධිපතිවරයා විසින් අලුතින් ඉදිකරනු ලබන නිවසේ වැඩ කටයුතු සඳහා වැලි කියුබ් 03ක් හෝ එහි වටිනාකම වන රුපියල් 45,000/-ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එකී මුදල රුපියල් 40,000/- දක්වා අඩුකර ලබා ගැනීමේ දී පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපති වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

---------------------------
by     (2025-07-29 18:13:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links