(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.29, ප.ව.10.45) "විදේශ රටවල් ගණනාවකින් අනුර කුමාරගේ ගිණුමට ඩොලර් ආවා. අනුර කුමාරගේ හෙළුව පේනවා. ඒ ඩොලර් ඔක්කොම එකතු කරලා මෝල්ටාවට බිලියන 5 ක් ආයෝජනය කරලා. ඔන්න බඩුව. අපට දැන් පැහැදිලියි අනුර කුමාරගේ වැඩ පිළිවෙල. මෝල්ටාවේ විජ්ජාව වැඩි කල් යන්න කලින් ඇත්ත හොයාගෙන, අනුර මහත්තයෝ උඹට අපි දඬුවම් දෙනවා කියන කාරණාව නම් ඉතාමත්ම පැහැදිලියි."
ඉහත ප්‍රකාශය ප්‍රසිද්ධියේ කෙළේ කට කැඩිච්ච කතාවලට කුප්‍රකට පොහොට්ටු මන්ත්‍රීවරයෙකු වන ජනක තිස්සකුට්ටි ආරච්චි විසින් 2023 දී කොළඹ පැවැති මහජන රැළියක දී පුදුම චූන් එකකිනි.
මේ කියන මෝල්ටා අවලාදය මුලින්ම ජනගත කළේ පෙරටුගාමී පක්ෂය විසිනි. එය අහුලා ගත් තිස්සකුට්ටි ආරච්චි එදා වේදිකාව දෙදරෙව්වේ ය. නමුත් අද රෙද්දේ රෙවුනේ ය.
අනුර කුමාර දිසානායක තිස්සකුට්ටි ගේ අසත්‍ය ප්‍රකාශයෙන් තමාගේ කීර්තිනාමයට හානි වූවා කියා රුපියල් බිලියන 10 ක වන්දි ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරුවේ ය.
එකී නඩුව අද(29) විභාගයට ගත් අවස්ථාවේ දී තිස්සකුට්ටි, තමාගේ ප්‍රකාශය අසත්‍යයක් බවත් එබැවින් කොන්දේසි විරහිතව අනුර කුමාර දිසානායකට කණගාටුව ප්‍රකාශ කරන බවත් ඒ පිළිබඳව සමාව අයැදින බවත් අධිකරණය ට දැනුම් දුන්නේ ය. ඉන්පසුව අනුර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඉන් සෑහීමකට පත් වන බැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අදහසක් නැති බවයි.
අනුරට එරෙහිව අසත්‍ය අවලාද නැගූ තවත් සිද්ධියකට එරෙහිව මෙවැනිම තවත් නඩුවක් අනුර විසින් අධිකරණය ඉදිරියේ ගොනුකර තිබේ. ඒ තවත් කුප්‍රකට පොහොට්ටුවෙකු වන පොහොට්ටු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ට එරෙහිව ය.
සාගර කාරියවසම්ට සිදුවන්නේ ද අද තිස්සකුට්ටිට වූ සන්තෑසියම ය.
---------------------------
by (2025-07-29 17:48:44)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි