~

"ලොව අලංකාරම දූපත ශ්‍රී ලංකාවයි" -එදා මාර්කෝ පෝලෝ කී කතාවම Big 7 Travel කියයි..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.30, ප.ව‍.10.45) ලෝක ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් 2025 වසර සඳහා ලොව අලංකාරම දූපත් 50 පිළිබඳ වාර්ෂික ලැයිස්තුව නිකුත් කර ඇත. එහි ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් 'ලොව අලංකාරම දූප'ත ලෙස කිරුළ පැළඳීමට ශ්‍රී ලංකාව සමත් ව තිබේ.

කැරිබියන් දූපත්වල ඉන්දුනීසියාව දක්වාත්, යුරෝපයේ සිට නවසීලන්තය දක්වාත් ලොවපුරා පැතිරී ඇති දූපත් 50 ක් වෙබ් අඩවිය විසින් මෙලෙස ඒවායේ සංචාරක ආකර්ෂණය සහ සුන්දරත්වය අනුව ස්ථානගත කර තිබේ.

ලොව පුරා ගමනාන්ත ඇතුළත් මෙම ලැයිස්තුව, 2025 දී ගවේෂණය කිරීමට ඇති සුවිශේෂී දූපත් අත්දැකීම් සහ ආකර්ෂණීය ස්ථාන අගය කරයි.

වෙබ් අඩවියෙහි දක්වා ඇති ආකාරයට ඉන්දියාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ කඳුළු බිඳුවක හැඩැති දූපතේ රන්වන් වෙරළ තීරයේ සිට ටෙරස් සහිත තේ වතු දක්වා වන සියල්ල තිබෙන අතර, සැතපුම් 833 ක් වන වෙරළ තීරය දිගේ දින ගත කිරීම ප්‍රීතිමත් චමත්කාරයක් වන නමුත් ශ්‍රී ලංකාව වෙරළෙන් ඔබ්බට තවත් බොහෝ දේ සංචාරකයන් වෙත ලබා දෙයි.

මෙම වසරේ ශ්‍රේණිගත කිරීම නව ප්‍රවණතා සහිත ගමනාන්ත, දුරස්ථ නිවාඩු නිකේතන සහ ජනප්‍රිය ස්ථාන මිශ්‍රණයක් ඉස්මතු කරයි. මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රතිඵල, Big 7 Travel කතුවැකි කණ්ඩායමේ දායකත්වය, සමාජ මාධ්‍යවල ගමනාන්තවල ජනප්‍රියත්වය සහ 2025 දී සංචාරකයන්ගේ අවධානය දිනා ගන්නා ගමනාන්ත මත පදනම් වූ සමුච්චිත ලකුණු අනුවයි.

සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන විවිධ කාලයන්ට අයත් විහාරස්ථාන, යටත් විජිත නගර, මීදුම සහිත කඳු සමඟින් කොටි සහ අලි ඇතුන් වාසය කරන යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී සෆාරි වැනි දෑ ඇතුළත් ශ්‍රී ලංකාව මාර්කෝ පෝලෝ විසින් "එහි ප්‍රමාණයෙන් ගත්කල ලොව හොඳම දූපත" ලෙස හැඳින්වූයේ මන්දැයි යන්න ප්‍රත්‍යක්ෂ කරනු ලබයි, යන්න වෙබ් අඩවිය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පිළිවෙලින් එම ලැයිස්තුවේ පළමු දූපත් 10 මෙසේය.

1. Sri Lanka
2. Mo’orea, French Polynesia
3. Socotra, Yemen
4. Madeira
5. The Galapagos, Ecuador
6. Great Exuma, Bahamas
7. Seychelles
8. Achill Island, Ireland
9. Koh Lipe, Thailand
10. Milos, Greece

---------------------------
by     (2025-07-30 20:55:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links