(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.31, ප.ව.8.25) 2015 ජනාධිපතිවරණ සමයේ දී කහවත්තේ පැවැති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා සහභාගීවීමට නියමිත රැළියක සංවිධාන කටයුතු කරමින් සිටිය දී එවක මහින්ද රාජපක්ෂගේ චක්ගෝලයෙක් වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී ඇතුළු මැර පිරිසක් පැමිණ වෙඩි තබා මහත් කලබගෑනියක් කළහ. එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්විය.
මහජනතාවගේ ඇස් ඉදිරිපිට මහ දවාලේ සිදුකළ අපරාධය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැණුනු චොකා මල්ලී රිමාන්ඩ් භාරයේ සිටිය දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රදේශයේ බයි ජනතාව ඔහුව අංක එකට පාර්ලිමේන්තුවට පත් කර යැවීය. එහිදී සිදුවූ තුච්ඡම ක්‍රියාව නම් ජනාධිපති අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ද සහභාගී වූ ජනාධිපතිවරණයේ ප්‍රචාරය සඳහා පැවැත්වූ රැස්වීමක ආධාරකරුවෙකු ඝාතනය කළාට අත් අඩංගුවේ පසු වු චොකා මල්ලීට ඡන්දය ඉල්ලීමට අවස්ථාව සලසා දුන්නේ ද ඉන්පසුව කරණමක් ගසා රාජපක්ෂලා ලඟට ගිය සිරිසේන විසින්ම වීමය.
ඉන්පසු මිනීමැරුම සම්බන්ධයෙන් මහාධිකරණය විසින් චොකා මල්ලී ඇතුළු තිදෙනෙකුට මරණ දඬුවම නියම කරන ලදී.
චොකා මල්ලී මරණ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේ ය. ඉන්පසුව පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම්ද දුන්නේ ය. ඔහුගේ අභියාචනාධිකරණය විභාග වන විට පැවැතියේ යළි රාජපක්ෂලාගේ ආණ්ඩුවකි. චොකා මල්ලී එහි මන්ත්‍රීවරයෙකි. එම අභියාචනයෙන් චොකා මල්ලි ඇතුළු තිදෙනාම විස්මිත ආකාරයෙන් සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේ ය.
නීතිපතිවරයා අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව විශේෂ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කෙළේ ය. අන්න ඒ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(11) තීන්දු කෙළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණු නීතිපතිවරයාගේ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ලබන වසරේ පෙබරවාරි 13 දිනට දින නියම කෙරිණ.
ලංකාවේ නඩු තීන්දු ද පවතින ආණ්ඩු වල ස්වභාවය අනුව තීරණය වීම කණගාටුදායක වුන ද මෙතෙක් කල් සිදුව ඇත්තේ එවැන්නක් බව පෙනී යයි. දැන් පවතින්නේ මාලිමා ආණ්ඩුවකි. ඒ මදිවාට දැන් ඉන්නා අගවිනිසුරු නාහෙට කෙළින් තීන්දු ගන්නා ප්‍රීති පද්මන් සූරසේන ය. ලංකාවේ වැඩිම මරණ දඬුවම් තීන්දු ලබා දුන් විනිසුරු ය. කිසිවෙකු සමාජමාධ්‍යයක සටහන් තබා තිබුනේ "අධිකරණයේ සූරසේන යුගය" ඇරඹුණු බවයි. ඒ අනුව මහාධිකරණයෙන් සාක්කි විමසා ලබා දුන් චොකා මල්ලිගේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක වීමේ ඉඩ කඩ වැඩි ය.
මහා දවාලේ මහා සෙනගක් ඉදිරිපිට සිදුකළ මනුෂ්‍ය ඝාතනයක ඝාතකයන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ දීම මනුෂ්‍යත්වයට නිගා දෙන්නකි.
---------------------------
by (2025-07-31 14:57:40)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි