~

හිටපු ජනාධිපතිලාගේ තටු කැපෙන පනත ගැසට් කරයි..!

(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.31, ප.ව‍.8.55) හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ජනාධිපති වැන්දඹුවන්ගේ හිමිකම් අහෝසි කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ සිය විශ්‍රාම වැටුප පමණි. 

* හිටපු ජනාධිපතිවරුන්ට සහ වැන්දඹුවන්ට මෙතෙක් රජයෙන් ලබා දුන් නිවාසය හෝ නිවාසයක් වෙනුවෙන් ලබා දුන් මාසික දීමනාව,
* හිටපු ජනාධිපතිවරුන්ට සහ වැන්දඹුවන්ට මෙතෙක් රජයෙන් ලබා දුන් මාසික ලේකම් දීමනාව, නිල ප්‍රවාහන සහ වෙනත් සියළු පහසුකම්,
* හිටපු ජනාධිපති වැන්දඹුවන්ට දුන් මාසික විශ්‍රාම වැටුප, 

නව පනත ක්‍රියාත්මක වන දින සිට නොගෙවිය යුතු බවට මෙයින් ප්‍රකාශ කර සිටිනු ලැබේ. යැයි පනත් කෙටුම්පතේ සඳහන් වේ. 

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂකයන් ගැන පනත් කෙටුම්පතේ වෙනම සඳහනක් නැත. ඇත්තේ "වෙනත් සියළු පහසුකම්" යනුවෙනි. පසුගියදා පැවැති කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක කීවේ අනෙක් සාමාන්‍ය පුරවැසියන්ට සේම පුද්ගල ආරක්ෂාව පිළිබඳ අනතුරක්  තිබේ නම් ඒ ගැන විධිමත් ලෙස කරුණු සලකා බලා සුදුසු ආරක්ෂාවක් ලබා දෙන බවයි. 

---------------------------
by     (2025-07-31 15:23:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links