(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.31, ප.ව.11.00) පාතාලයේ ප්‍රබල අපරාධකරුවකු වූ කෙහෙල්බද්දර පද්මේ නමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් ට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ගේ සැලසුමකට අනුව සිදුවූ බව කියන තර්ජනාත්මක දුරකතන ඇමතුම් දී ඇත්තේ ව්‍යාපාරික කටයුතු සඳහා නිතර ඩුබායි බලා යන එන ව්‍යාපාරිකයකු විසින් ඩුබායි සිට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හෙළි කරගෙන තිබේ.
එම ව්‍යාපාරිකයා සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ ඩුබායි සිට මෙරටට රැගෙන ඒමේ ව්‍යාපාරයක නිරතව සිටින වයස අවුරුදු 31ක් වන පානදුර වත්තල්පොළ පදිංචිකරුවෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ ඔහුවය. ඒ ඉකුත් 20 වැනිදාය.
ප්‍රියන්ත ජයකොඩි සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇත්තේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ප්‍රියන්ත ජයකොඩි ව තමා දැන හඳුනාගනු ලැබුවේ කලකට පෙර පොලිස් මූලස්ථානයේදී බව ද ප්‍රශ්න කිරීම් හමුවේදී ඔහු පවසා ඇත. එම ව්‍යාපාරිකයාව තමා දන්නා හඳුනන බව ප්‍රියන්ත ජයකොඩි ද පිළිගෙන ඇතත් දුරකතන ඇමතුම් දුන්නේ තමාගේ සැලසුමකට නොවන බවත් ඒ ගැන තමා කිසිවක් නොදන්නා බවත් ප්‍රියන්ත ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත.
ව්‍යාපාරිකයා පවසා ඇත්තේ මුලින්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ටත් හිටපු ඇමැති ටිරාන් අලස් ටත් පසුව තමාටත් දුරකතන ඇමතුම් දෙමින් තර්ජනය කරන ලෙස ප්‍රියන්ත ජයකොඩි උපදෙස් දුන් බවය. ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර හුවමාරු වූ වට්ස්ඇප් පණිවිඩ මෙම ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සොයාගෙන ඇත.
ව්‍යාපාරික කටයුත්තක් සඳහා තමා ඩුබායි බලා ගිය අවස්ථාවක ප්‍රියන්ත ජයකොඩි විසින් දුන් උපදෙස්වලට අනුව එරට සිම් කාඩ්පතක් ලබාගෙන එම තර්ජනාත්මක ඇමතුම් දුන් බව ද එම ව්‍යාපාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබේ. එම සිම් කාඩ්පත දුරකතනයකට ඇතුළු කර කෙහෙල්බද්දර පද්මේ නමින් වට්ස්ඇප් ගිණුමක් විවෘත කර අනතුරුව වට්ස්ඇප් මඟින් ඇමතුම් ගත් බව ද ඔහු පවසා ඇත.
මෙම ව්‍යාපාරිකයා නැවත මෙරටට පැමිණීමෙන් පසු කොටු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ තාක්ෂණික මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. ව්‍යාපාරිකයා රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අත් අඩංගුවට ගත් ප්‍රියන්ත ජයකොඩි 29 දා මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු 06 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.
-ගයාන් කුමාර වීරසිංහ - දිනමිණ
---------------------------
by (2025-07-31 18:24:22)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි