(ලංකා ඊ නිව්ස් -2025.ජූලි.31, ප.ව.11.30) බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ නිළියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනිමින් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ට අද දැනුම් දුන්නේය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයට පැවසුවේ, පුද්ගලයින් දෙදෙනාටම අදාළ විමර්ශන වාර්තා දැනටමත් නීතිපතිවරයාට ඉදිරිපත් කර ඇති බවත්, නියමිත වේලාවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත්ය.
දෙපාර්තමේන්තුවට අනුව, පියුමි හංසමාලි 2022 සහ 2023 වසර සඳහා රුපියල් මිලියන 194 ක පුද්ගලික ආදායම් බද්දක් සහ 'ලෝලියා' 'Loliya.' නමින් ක්‍රියාත්මක වන සමාගමකට සම්බන්ධ තවත් රුපියල් මිලියන 95 ක බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
2022 සහ 2023 වසර සඳහා දඬුවම් සහ පොලිය ඇතුළුව රුපියල් මිලියන 194 ක පුද්ගලික සහ අතිරේක ආදායම් බදු ගෙවීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගලට චෝදනා එල්ල වී තිබේ.
දැනට සිදුවෙමින් පවතින විමර්ශනවල ප්‍රගති වාර්තා ඉදිරිපත් කරමින් නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, රජයට ගෙවිය යුතු බදු ගෙවීමට හිතාමතාම අපොහොසත් වීමෙන් පුද්ගලයින් දෙදෙනාම "වැරදි ලෙස භාවිතා කිරීමේ" ("wrongful utilisation") වරද සිදු කර ඇති බවයි.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 186, 189 සහ 190 වගන්ති යටතේ මෙම වැරදි විමර්ශනය කෙරේ. විමර්ශන පිළිබඳ යාවත්කාලීන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පියුමි හංසමාලී මෙන්ම තාඹුගල ද පසුගිය කාලයේ ඇදහිය නොහැකි තරමේ අධි වියදම් සහිත සුඛෝපභොගී ජීවිත ගත කළවුන් ය.
---------------------------
by (2025-07-31 18:57:07)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි