~

'මචං ට්‍රම්ප්' නැතිව කළ ආණ්ඩුවේ සාකච්ඡා සාර්ථකයි..! ඇමරිකාව ලංකාවට පැනවූ තීරුබද්ද 20% ට අඩු කරයි..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.01, ප.ව‍.8.30) අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර ඇත.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා තිබේ. නව තීරු බදු අද සිට දින 7 කට පසුව ක්‍රියාත්මක වේ.

ප්‍රථමයෙන් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන අන්‍යොන්‍ය තීරුබදු අනුපාතය  44% ක් බව ප්‍රකාශ කෙළේය.

අනතුරුව එම අනුපාත ලිහිල් කරගැනීම සඳහා අමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ආණ්ඩුව කණ්ඩායමක් ලෙස කළ සාකච්ඡාවල ප්‍රගතියක් ලෙස තීරු බදු ප්‍රතිශතය, 30%ක් දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ඉන්පසුව එම බදු ප්‍රතිශතය ද අඩුකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය. ඒ අතර ජනාධිපති අනුර දිසානායක ද සූම් තාක්ෂනය හරහා ඇමරිකානු බලධාරීන් සමග සාකච්ඡා කෙළේ ය.

ඒ ප්‍රතිඵල අනුව අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය  20%ක් දක්වා අඩු කරන බව ඇමරිකානු වේලාවෙන් අද උදෑසන නිවේදනය කළේය.

මේ තත්ත්වය අනුව ශ්‍රී ලංකාවේ අපනයන කරුවන්ට කලාපයේ අනෙකුත් රටවල් සමග තරඟ කළ හැකි තත්ත්වයක් පවතී. ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් පැවසුවේ කලින් ද ඇඟළුම් අපනයනයේ දී 17% ක පමණ සාමාන්‍ය බද්දක් ගෙවූ බවත් දැන් වැඩි වී ඇත්තේ 3% ක පමණ ප්‍රමාණයක් බවයි. එය තරඟ කළ හැකි මට්ටමක් බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

ඉන්දියාවට ඇමරිකාව අවසානයේ පනවන ලද අනොන්‍යය තීරු බද්ද 19% කි.

විපක්ෂයේ දේශපාලුවන් විසින් ආණ්ඩුවට කියමින් සිටියේ 'මචං ට්‍රම්ප්' කියා අමතා තීරුබද්ද අඩුකර ගැනීමට හැකි බවත් මේ ආණ්ඩුවට එවැනි සම්බන්ධතා නැතැයි කියා ය. දැන් ඒ අවලාද වල මුඛ පූට්ටු වී තිබේ. 

---------------------------
by     (2025-08-01 15:05:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links