~

හරක් කටා අරභයා කමල් ගුණේ ගිය පාරේම තුයියකොන්තාත් යයි ද..?

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.02, ප.ව‍.5.55) නදුන් චින්තක හෙවත් හරක් කටා මේ වනවිට වසර 1ක් රැඳවුම් නියෝග DO (sec 9(1)) යටතේද, වසර1යි මාස 5ක් HC 4834/24 නඩුවට අදාලව Sec. 15 a(1) යටතේ "නඩු විභාගය අවසන් වනතුරු රැඳවුම් බාරයට පත්කිරීමේ" ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඇති බලතල අනුව, 2024/03/11 දින කමල් ගුණරත්න විසින් අත්සන් කරන ලද නියෝගයට අනුව මේ වනතෙක් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටී.

HC 4834/24 නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි නිසා 2025/08/05 දින අවසන් කිරීමට නියමිත අතර , ඒ වෙනුවට HC 5447/25 යටතේ 2025/08/04 දින අලුත් නඩුවක් පැවරීමට TID ය සූදානම් වේ.

හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා වන කමල් ගුණරත්න කළා සේම නව රජයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා ද ලබන සඳුදා (08/04) ඉහත කී 5447/25 නව නඩුව ට අදාළව ද "නඩු විභාගය අවසන් වනතුරු රැඳවුම් බාරයට පත්කිරීමේ 15a(1) නියෝගයට" අත්සන් තබන්නේද?

මෙම තීරණයට අදාළව පැනනගින කරුණු මෙසේ ය.. 

1- ඉහත කී රැඳවුම් නියෝග දෙක යටතේ නදුන් චින්තක හෙවත් හරක් කටා මේ වනවිට TID ය යටතේ රඳවා සිටින මුලු කාලය වසර 2 යි මාස 5ක් වේ. ඉන් වසර 1යි මාස 5ක්ම ඔහුව තනිවම තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටී.  ඔහු වෙනුවෙන් පමණක් මසකට රුපියල් කෝටියකට අධික වියදමක් දරමින් නිලධාරීන් 87 දෙනකු සේවයේ යොදවමින් රඳවා සිටී.

2- PTA යටතේ මහාධිකරණයේ නඩුව විභාගයට ගැනීමට 15a(1) රැඳවුම් නියෝගය කිසි සේත්ම අවශ්‍ය නොවේ.

3- නඳුන් චින්තකගේ ජීවිතය බේරාදීම සඳහා අල්ලස් ලෙස කෝටි ගණනක් එවක ආණ්ඩුවේ පුද්ගලයන් ගත් බවට චෝදනා එල්ලවේ. එලෙස මුදල් ගෙන පසුව ඔහු මරාදැමීමට මේවා සිදු කරන බව ද කියැවේ.

කරුණු එසේ තිබියදී PTA අහෝසි කළ යුතු බව පවසමින් බලයට පැමිණි මාලිමා ආණ්ඩුවත් මෙම වියදම් අධික, මානව හිමිකම් උල්ලංඝනය වන, කිසිදු අවශ්‍යතාවයක් නැති මෙම 15a(1) නියෝගය ඉදිරියට ගෙන යයි ද?

නව රජයේ ආරක්ශක අමාත්‍යාංශයේ ලේකම්තුමා ද නව නඩුවට "නඩු විහාගය අවසන් වනතුරු රැඳවුම් නියෝගයට" ලබන සඳුදා අත්සන් තබයි ද?

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-08-02 12:30:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links