~

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් වෙන්නේ නෑ..!

-අගමැතිනි ආචාර්ය හරිනි යාපනයේ දී කියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.03, ප.ව‍.11.20) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ කිසිදු දරුවෙක් අසමත් නොවන බවත්,  ශාස්ත්‍රීය සහ වෘත්තීය දෙඅංශයෙන්ම  උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න දරුවන්ට අවස්ථාව ලැබෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

යාපනය තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේ ඊයේ (02) පැවති උතුරු පළාත් විද්වත් වෘත්තීකයින්ගේ හමුව අමතමින් අගමැතිනිය මේ බව පැවසුවා ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇය මෙසේද පැවසුවාය.

" සාම්ප්‍රදායික් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශ්‍රාස්ත්‍රිය සහ වෘත්තීය යන දෙඅංශයෙන්ම දරුවන්න උසස් අධ්‍යාපනය දක්වා හදාරන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් කටයුතු නරනවා. 

තවමත් සමහර පිරිස් වැරදි මතවාද අරගෙන යනවා ඉතිහාසය හා ආගම සහ සෞන්දර්යය විෂයන් යෝජිත ප්‍රතිසංස්කරණ මගින් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට, ඒ  සාවද්‍ය ප්‍රකාශවල කිසිඳු පදනමක් නැහැ. ඉතිහාසය සෛෟන්දර්ය හෝ ආගම යන විෂයන් කිසිම ලෙසකින් විෂය මාලාවෙන් ඉවත් කර නැහැ. 
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය  යටතේ ශිෂ්‍ය ප්‍රජාව මත බර පටවන අධ්‍යාපනයක් වෙනුවට දරුවන්ට පීඩාවකින් තොරව ඉගෙන ගැනීමටත්, කැමැති විෂයන් වැඩිදුරටත් ඉගෙන ගනිමින් තම ජීවන වෘත්තීය තෝරාගැනීමටත් නිසි මගපෙන්වීමක් කරනවා. 

වෘත්තීය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළට ගෙනවිත් ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍ර දෙකෙන් තමන්ට වඩාත් ගැළපෙන ක්ෂේත්‍රය තෝරාගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබෙනවා. 

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වනවිටත් සාදා නිම කළ  අවසන් ප්‍රතිසංස්කරණය නෙමෙයි.

විෂය ප්‍රවීණයන්,ගුරුවරුන් දෙමව්පියන් සහ සමාජයෙන් එන සාධනීය යෝජනා සහ චෝදනා සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය දේ උකහාගනිමින් අනවශ්‍ය දේ බැහැරකරමින් ඉදිරියට  පියවරෙන් පියවර ඉදිරියට සිදු කරන්නට නියමිත ප්‍රතිසංස්කරණයක්" බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාවට  ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කරන්,ජාතික ජනබලවේගයේ පාර්ලිමේනතුමන්ත්‍රීවරුන්, උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ  නිලධාරීන්  ඇතුළු වෘත්තිකයින් පිරිසක් එක්ව සිටියහ.

---------------------------
by     (2025-08-03 18:32:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links