~

සූදු පිටියක් පවත්වාගෙන ගිය ස.ජ.බ. මන්ත්‍රී පොලිස් දැලේ..! ගෙදර දඩ මසුත් තිබිලා..!

අනුරාධපුරයේ තිසර සමල් වාර්තාකරයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.05, ප.ව‍.11.40) ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමඟි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයකු නිවසේ ඔට්ටුවට සූදූ පොළක් පවත්වාගෙන යමින් සිටියදී සූදූ කෙලිමින් සිටි පුද්ගලයින් 14 දෙනෙක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. එම නිවස වැඩිදුර පරික්ෂාවේදී නිවසේ අධි ශීතකරණයක් තුළ තිබූ දඩමස් කිලෝ 07 ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන්  , කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව පොලිස් විශේෂ කාර්‍යය බලකාය හා පොලිස් නිල සුනඛයින් යොදවාගෙන, ඉපලෝගම පොලීසිය මගින් ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රී වරයකුගේ නිවසක් වටලා ඇත. එම නිවස වටා අඩි 10 කට වැඩි තාප්පයක් මෙන්ම විශාල ගේට්ටුවක්ද ඉදිකර ගෙන මන්ත්‍රීවරයා කලක පටන් මෙම සූදූ පොළ පවත්වාගෙන යමින් සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. ඒ අනුව පසුගිය 04 වැනිදා (ඊයේ) හදිසි වැටලීමක් සිදු කර ඇති අතර, ඒ අවස්ථාවේදී  එම නිවස තුල අදාල මන්ත්‍රීවරයා විසින් සූදු පිටියක් පවත්වාගෙන යමින් සිට ඇතෙ. එම නිවසේ සූදු ක්‍රීඩාවෙ යෙදුනු තවත් 14 දෙනෙකු සමග මන්ත්‍රීවරයා ද එහිදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පසුව සිදු කළ සෝදිසි කිරීම් වලදී නිවසේ අධි ශීතකරණයක තිබූ විවිධ වර්ගයේ තහනම් දඩ මස් කිලෝ 7 කට ආසන්න ප්‍රමාණයක්  ද සොයගෙන තිබෙන අතර එම මස් තොගය  හා අධි ශීතකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.

පසුව අදාල සැකකරුවන් අද (05)  කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කර ඇති අතර, සැකකරුවන්ට දඩ මුදල් නියමකර නිදහස් කර තිබේ.  අදාළ මන්ත්‍රී වරයා සම්බන්ධයෙන් , තඹුත්තේගම විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාලව එම මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පුද්ගලයකු නිසා මහේස්ත්‍රාත්වරිය කරුණු විමසාබලා මන්ත්‍රීවරයා මේ මස 12 වන දින දක්වා රක්ෂිතය බන්ධනාගාරගත කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන, ඉපලෝගම, පුංචිකුළම පදිංචි අජන්ත බියගම නම් පුද්ගලයෙකි.

සේයාරූ වල ඉන්නේ අජන්ත බියගම ය.

සේයාරූ සහ වාර්තාව

-අනුරාධපුරයේ තිසර සමල් විසිනි

---------------------------
by     (2025-08-05 21:22:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links