~

බොරු කී වීරවංශට එරෙහිව අගරදගුරු කාදිනල් හිමිපාණෝ එන්තරවාසියක් යවති..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.06, ප.ව‍.7.40) කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පිළිබඳ අසත්‍ය ප්‍රකාශයක් කළ විමල් වීරවංශට එරෙහිව එන්තරවාසියක් යවන බව කෙළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි. 

අද පැවැති මාධ්‍ය හමුවක දී පියතුමා මේ බව පැවසීය. විමල් වීරවංශ විසින් කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් වැරදි අදහසක් පළ කළ ප්‍රකාශයක් නිවැරදි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවූ බව සිරිල් ගාමිණී පියතුමා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ පියතුමා,

"පෞද්ගලික රූපවාහිනී සාකච්ඡාවකදී විමල් විරවංශ කළ ප්‍රකාශයක් සහ එම කරුණු උපුටා දක්වමින් වෙබ් අඩවියක වාර්තා කර ඇති කරුණු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය ගැන සහ එහි සත්‍යය ඔබට දැනුම් දීමට කැමතියි.

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සිදු වූ දින ඉතිහාසයේ පළමු වතාවට කාදිනල් හිමියන් පාස්කු ඉරිදා උදෑසන දේව මෙහෙයට සහභාගී නොවූ බවත්, පෙර වසරවලදී ඔහු මෙම දේව මෙහෙයට සහභාගී වූ බවත් විමල් වීරවංශ පවසා තිබුණා. 2019 න් පසුවත් කාදිනල් හිමියන් පාස්කු ඉරිදා උදෑසන දේව මෙහෙයන්ට සහභාගී වී ඇති බව ද සඳහන් කර තිබුණා.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව කාදිනල් හිමියන් දැන සිටි බව විමල් වීරවංශ මෙයින් ජනතාවට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. 

විමල් වීරවංශගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. සෑම පාස්කු ඉරිදා දේව මෙහෙයකදීම පාස්කු ඉරිදාට පෙර දින මධ්‍යම රාත්‍රියේ තමයි කාදිනල් හිමියන් දිව්‍ය පූජාව පවත්වන්නේ. 2019 දී ද කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව පැවැත්වූවා."

මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජාව සැමරීම පොදු සම්ප්‍රදායක් බවත්, එය මේ රටේ කතෝලික ජනතාවගේ ප්‍රධාන දිව්‍ය පූජාව බවත්, කාදිනල්තුමා සාමාන්‍යයෙන් උදෑසන දිව්‍ය පූජාවක් නොපවත්වන බවත් සිරිල් ගාමිණී පියතුමා පැවසීය.

ප්‍රකාශනයේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් වන නමුත් එම නිදහසට අසත්‍ය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළත් නොවන බැවින්, වීරවංශ විසින් කරන ලද මෙම අසත්‍ය ප්‍රකාශ නිවැරදි කරන ලෙස ඉල්ලා වීරවංශ ට එන්තරවාසියක් යැවීමට තම නීතිඥයින් කටයුතු කරමින් සිටින බව සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් පැවසීය.

---------------------------
by     (2025-08-06 14:17:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links