(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.06, ප.ව.9.15) නහයට කෙළින් තීන්දු ගන්නා ප්‍රීති පද්මන් සූරසේන නව අගවිනිසුරුවරයා ලෙස පත්වීමත් සමග සතියක කාලයක් තුළ විනිසුරුවරුන් පස්දෙනකුගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
පළමුවෙන් වැඩ තහනම් කෙරුණේ මොරටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ වූ අතර ඒ හොර අලියෙක් තබා ගැනීමේ චෝදනාව ඇතුළු චෝදනාවන්ට ය. ලංකා ඊ නිව්ස් ඒ ගැන වාර්තා කෙළේය. අලුතින් වැඩ තහනම් කර ඇත්තේ මහියංගනය අතිරේක දිසා විනිසුරු රංගනී ගමගේ සහ අලුතින් මහේස්ත්‍රාත්වරුන් ලෙස පත්වූ පරිවාස කාලය හෝ අවසන් නොමැති විනිසුරුවරුන් තිදෙනකු ගේ ය. දිසා විනිසුරු රංගනී ගමගේ සම්බන්ධයෙන් නීතිඥවරුන්ම අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබිණ.
වැඩ තහනම් කරන ලද විනිසුරුවරුන්ට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන ඇරඹෙනු ඇත. පරිවාස කාලයේ දී ම චෝදනාවන්ට ලක් වූ තිදෙනා නිසැකවම ධූර වලින් නෙරපා හැරෙනු ඇත. මන්ද යත් රාජ්‍ය සේවයේ පරිවාස කාලය යනු කිසිදු චෝදනාවකට ලක් නොවිය යුතු කාලයක් වන බැවිනි.
මීට අමතරව, මාරවිල හිටපු මහේස්ත්‍රාත් සහ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත්වරියගේ වැඩ තහනම් කිරීම මෙයට මාස කිහිපයකට පෙර සිදු කරනු ලැබීය. ඒ අනුව දැන් විනිසුරුවරු 7 කගේ වැඩ තහනම් කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය. මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ද එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ගාමිණී අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ අසුනට ව්‍යවස්ථාදායක සභාවෙන් මෙතෙක් කිසිවකු පත්කර නැත.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් ය.
මීට පෙර වාර්තා වූයේ මේ වසර තුල පමණක් ශ්‍රී ලංකා පොලිසියේ 300 කගේ වැඩ තහනම් කර ඇති බවයි. ඒ පොලිසිය සුද්ද කිරීමේ පියවරක් ලෙස ය.
---------------------------
by (2025-08-07 17:56:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි