~

දමිළ දේශපාලන සිරකරුවන් පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කෙරේ..! ඇමැති දුන් උත්තර මෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.08, ප.ව‍.11.00) පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සිවඥානම් ශ්‍රීධරන් විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගෙන් දමිළ දේශපාලන සිරකරුවන් පිළිබඳ අසන ලද ප්‍රශ්න සහ ඒ වෙනුවෙන් ඇමැතිවරයා සපයන ලද පිළිතුරු පහත සඳහන් වේ.

01.  දැනට බන්ධනාගාරගතව සිටින දමිළ දේශපාලන සිරකරුවන් කොපමණද?

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ (Prevention of Terrorism Act) එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් සඳහා චෝදනා ලබා බන්ධනාගාරගත කර ඇති දමිළ සිරකරුවන් සහ සැකකරුවන් පහත පරිදි වේ:

එල්. ටී. ටී. ඊ. සැකකරුවන්: 04 දෙනෙක්

එල්. ටී. ටී. ඊ. සිරකරුවන්: 08 දෙනෙක් (ජීවිතාන්තය දක්වා දඬුවම් ලැබූ 03ක්, ජීවිතාන්ත ඇපීල් සිරකරුවන් 02ක්, මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවන් 02ක් සහ සිරකරුවන් 01ක් වශයෙනි).

02.   ඉහත දමිළ දේශපාලන සිරකරුවන් රඳවාගෙන සිටින බන්ධනාගාරය කවරේද?

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් හා සැකකරුවන් පහත බන්ධනාගාර ආයතන වල රඳවා ඇත.

වැලිකඩ බන්ධනාගාරය
මැගසින් බන්ධනාගාරය
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය
මහර බන්ධනාගාරය
දුම්බර බන්ධනාගාරය
බුස්ස බන්ධනාගාරය
මීගමුව බන්ධනාගාරය

(සැ.යු.: රැඳවියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී සහ ආරක්ෂක, බුද්ධි තොරතුරු මත මෙම රැඳවීමේ බන්ධනාගාර ස්ථාන වෙනස් වන අවස්ථා ඇත.)

03.  ඔවුන් නිදහස් කරනු ලබන කාලවකවානුව කවරේද?

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් හා සැකකරුවන් පහත අයුරින් නිදහස් කිරීම සිදු වේ:

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් සිය දඬුවම් කාලය අවසන් වීමෙන් පසු නිදහස් කරනු ලැබේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවෙකු අධිකරණය මගින් ඇප මත නිදහස් කළහොත් ඔහුට බන්ධනාගාරයෙන් නිදහස් විය හැක.

යම් සිරකරුවෙකු අභියාචනයක් ඉදිරිපත් කර ඇත්නම්, එම අභියාචනය විභාග කර අවසානයේදී අධිකරණය මගින් නිදොස් කළහොත් එම සිරකරුට බන්ධනාගාරයෙන් නිදහස් විය හැක.

යම් සැකකරුවෙකු අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කළහොත් ඔහුට බන්ධනාගාරයෙන් නිදහස් විය හැක.

04.  මානුෂීය පදනමින් හෝ ජනාධිපති පොදු සමාව යටතේ හෝ මෙම සිරකරුවන් නිදහස් කළ හැකිද?

සිරකරුවෙකු නිදහස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය ප්‍රකාරව සිරකරුවෙකුට සමාව දීමේ සඳහා නීතිමය ප්‍රතිපාදන අඩංගු වේ.

---------------------------
by     (2025-08-08 18:40:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links