~

දයාසිරි, තෙල් සංස්ථා සේවකයන්ගෙන් සමාව ගනිං..! කණ කිස් කන උත්තරයක්..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.08, ප.ව‍.11.10) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  2025.08.06 දින කරන ලද සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් සමස්ථ තෙල් සේවකයන්ගෙන් සමාව ඉල්ලිය යුතු යැයි ඛණිජ තෙල් පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ 2025.08.06 දින කරන ලද ප්‍රකාශය සම්බන්ධවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ මහතා තෙල් සංස්ථා සේවකයන් මහරගම උද්ඝෝෂණයට පහරදෙන්න ගිය බවට රටේ සමස්ථ ජනතාව නොමග යැවිමේ අරමුණින් කරන ලද සාවද්‍ය ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර සමස්ථ තෙල් සේවකයන්ගෙන් සමාව ඉල්ලා ගතයුතු බව දන්වා සිටිමු. එසේම ජයසේකර ගේ මෙම ප්‍රකාශය සම්බන්ධව බලවත් අප්‍රසාදය හා විරෝධය පල කර සිටිමු.

බයිසිකල් චේන් සංස්කෘතිය හඳුන්වාදුන්නේ කව්ද?

ඔහුගේ තිඹිරිගෙය වූ එක්සත් ජාතික පක්ෂයේ හැදී වැඩී මජර දේශපාලන සංස්කෘතියෙන් පෝෂණය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ ආණ්ඩුවෙත් පසුව පොදුජන පෙරමුණෙත්ය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියන ආකාරයට පහර දීමේ මජර දේශපාලන බයිසිකල් චේන් සංස්කෘතිය හඳුන්වාදුන්නේ එක්සත් ජාතික පක්ෂය විසිනි. මෙම සංස්කෘතිය රටපුරා සාමකාමී  පුරවැසියන්  මර්දනය කිරීම සඳහා නායකත්වය හා මෙහෙයවිම සිදු කර ඇත්තේ මෙතුමන්ලාගේ හිටපු නායකයින් ඇතුළු ගෝල බාලයන් විසිනි.

මජර දේශපාලන සංස්කෘතිය තුල බිහිවී එහිම පෝෂණය වූ මන්ත්‍රී දයාසිරි ජයසේකරලාගේ මුඛයෙන් මෙවැනි අමිහිරි, අමණ, මුළු රටම පිළිකුල් කරන සාවද්‍ය ප්‍රකාශ මිස මුළු රටටම ඵලදායී මිහිරි ප්‍රකාශන බලාපොරොත්තු විය නොහැකිය. ඔහුට වී ඇත්තේ ගිරව් දෙන්නාගේ සිදුවීම වැනිය.

මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්..

අමාත්‍ය උදයගම්මන්පිල ගේ පාලන සමයේ දේශපාලනික උවමනාවන් වෙනුවෙන් මෙහෙයවා පසුව තෙල් සංස්ථාව තුල ස්ථිර නොකොට අතරමං කර ගිය දෛනික වැටුප් ලබන සේවක පිරිසක් ස්ථිර කරගැනීමේ අරමුණින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ පාලන අධිකාරිය සමග සාකච්ජා කිරීමට අප වෘත්තීය සමිතියේ නිළධාරීන් මැදිහත් වී ඔවුන් සමග දෙමටගොඩ ප්‍රධාන කාර්යාලයට ගිය බව දන්වා සිටින අතර මෙම සත්ක්‍රියාව දයාසිරි දැනගෙනම එය බොඳකරලීමේ අරමුණ ඇතිව කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පෙන්වා දෙමු.

දයාසිරිලාගේ මජර දේශපාලන සංස්කෘතියට තිත..

නව රජය පත්වීමත් සමගම දයාසිරිලාගේ මජර දේශපාලන සංස්කෘතියට තිත තබා ඇති බවත් ආයතනයට හා රටට ඵලදායී සේවක පිරිසක් ගොඩනැගීමට වෙරදරණ මෙවන් මොහොතක මෙලෙස කරන ලද සාවද්‍ය ප්‍රකාශ වෙනුවෙන් මුළු මහත් තෙල් සේවකයින්ගෙන් හා රටේ ජනතාවගෙන් සමාව ගතයුතු බව නැවත වරක් තරයේ අවධාරනය කර සිටිමු.

මනෝජ් විජයවීර

ලේකම් - ඛණිජ තෙල් පොදු සේවක සංගමය.

---------------------------
by     (2025-08-08 18:59:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links