~

ඊශ්‍රායලයේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.09, ප.ව‍.10.10) ඊශ්‍රායලයේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල පළ කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් පහත පරිදිය.

"ඊශ්‍රායලය ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරයි. එය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇත.

ශ්‍රී ලංකාව වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින අතර රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා සියලු පාර්ශවයන්ට සිය මතභේදයන් විසදා ගන්නා ලෙසත්, ඒ ඔස්සේ  තිරසාර සාමයක් ස්ථාපිත කිරීම සඳහා යොමුවන ලෙසත් දැඩි ලෙස ඉල්ලා සිටියි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ
2025 අගෝස්තු 09 වැනි දින

---------------------------
by     (2025-08-09 16:42:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links