~

පොහොට්ටුවන්ට පයිත්තියං..! මහජන මුදලින් සැප විඳින හිටපු ජනාධිපතිලාගේ සැප කැපීම උන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලු..! පාලක ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට..!

-LeN නීති කටයුතු සම්බන්ධ වාර්තාකරු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.11, ප.ව‍.9.45) හිටපු ජනාධිපතිවරුන්, උන්ගේ කනවැන්දුම් ඇඹේනියන්, හිටපු පාර්ලිමේන්තු හීපාටුවන් ආදීන්ගේ විශ්‍රාම වැටුප් ඇතුළු මහජන මුදලින් විශාල මුදලක් වියදම් කරමින් උන්ට දෙන සැප සම්පත් අහෝසි කළ යුතු යැයි මාලිමා ආණ්ඩුව බලයට ඒමට පෙර සිටම මහජනතාව තුල විශාල ජනමතයක් ගොඩ නැගී තිබිණ. මාලිමා ආණ්ඩුව බලයට ඒමට පෙර ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ලෙස ද එය සැලකිණ. 

ඒ අනුව මාලිමා ආණ්ඩුව පළමුව හිටපු ජනාධිපතිලා ඉලක්ක කරමින් අදාල නීති සම්පාදනය පිණිස '1986 අංක 4 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත' පසුගිය ජූලි 31 වැනිදා  ගැසට් කෙළේ ය. එය සැබැවින්ම මාලිමාවට ලැබුණු අති බහුතර ජනමතය ක්‍රියාත්මක කිරීමකි.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ සිය විශ්‍රාම වැටුප පමණි. 

* හිටපු ජනාධිපතිවරුන්ට සහ වැන්දඹුවන්ට මෙතෙක් රජයෙන් ලබා දුන් නිවාසය හෝ නිවාසයක් වෙනුවෙන් ලබා දුන් මාසික දීමනාව,
* හිටපු ජනාධිපතිවරුන්ට සහ වැන්දඹුවන්ට මෙතෙක් රජයෙන් ලබා දුන් මාසික ලේකම් දීමනාව, නිල ප්‍රවාහන සහ වෙනත් සියළු පහසුකම්,
* හිටපු ජනාධිපති වැන්දඹුවන්ට දුන් මාසික විශ්‍රාම වැටුප, 

* නව පනත ක්‍රියාත්මක වන දින සිට නොගෙවිය යුතු බවට මෙයින් ප්‍රකාශ කර සිටිනු ලැබේ. යැයි පනත් කෙටුම්පතේ සඳහන් විය.

අදාල පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 7 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළු කළේ ය.

රාජපක්ෂ හෙංචා රේණුක අධිකරණයට.. 

ඉන්පසුව අද (11) මෙකී පනත් කෙටුම්පතට එරෙහිව පොහොට්ටුවේ එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කරන ලදී. පැන්ෂන් ගිය ජනාධිපතිලා තව කොතෙකුත් ඇතත් මේ පිළිබඳ ලොකුම රුජාව තිබුනේ මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු හෙංචයියලාට ය. ඔවුන් මෙය අර්ථ දැක්වූයේ මහින්ද රාජපක්ෂගෙන් පළිගැනීමක් ලෙස ය.

අපූරු තර්කය..

මෙම පනත් කෙටුම්පතට එරෙහිව පොහොට්ටුවන්ගේ තර්කය හරි අපුරු තර්කයකි.  යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් (ඉහත * ලකුණින් සඳහන් කර ඇත්තේ එකී වගන්ති 4 ය - ඇත්තේ ද එම වගන්ති 4 පමණි) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 'බලය බෙදීමේ සිද්ධාන්තය' උල්ලංඝනය වීමක් සිදුවන බව පොහොට්ටුවෝ කියති. 

බලය බෙදීමේ සිද්ධාන්තය යි ඉහත වගන්ති 4 අතරයි ඇති සම්බන්ධය කුමක්දැයි දන්නේ උන්ම පමණි. නීතිය පිළිබඳ මහා ලොකු දැනුමක් නොව සිහි බුද්ධිය කලඳක් හෝ ඇති ඕනෑම ගොනෙකුට ඒ දෙක අතර සම්බන්ධයක් නැති බව පෙනී යනු ඇත.

ඊටත් වඩා පිස්සු දෙවැනි තර්කය..

පනත් කෙටුම්පතට එරෙහිව පොහොට්ටුවන්ගේ අනෙක් තර්කය ඊටත් වඩා සිනහ උපදවන තර්කයයි. පනත් කෙටුම්පතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 සහ 12(1) ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බව පොහොට්ටුවෝ කියති. 

මේ කියන 1, 3, 4 සහ 12(1) වගන්ති මොනවාද?

1. -ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන ස්වෛරී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ.
3. -ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හල නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුලත් වන්නේ ය.
4. -ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය. ( ඒ ආකාරයන් පස් ආකාරයකින් විස්තර කෙරේ)
12.(1) -නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය. 

පනත් කෙටුම්පතේ ඉහත * ලකුණින් සඳහන් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙර සඳහන් වගන්ති හතර උල්ලංඝනය වනවා යැයි කියන්නේ නම් ඒ කියන එකාට පුකේ ඉඳන් පිස්සු තද වෙලා තිබිය යුතුය. 

පුකේ ඉඳන් පිස්සු..

පොහොට්ටුවන්ට දැන් එසේ පිස්සු තද වෙලා තිබෙන බව නොදන්නා කෙනෙක් නැත. ඒ අනුව මෙකී පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය කුණු කූඩයට නොදැම්මොත් පමණක් පුදුම විය යුතුය. මන්ද යත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට එවැනි පිස්සුවක් නැති නිසා ය.

කෙසේ වෙතත් පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා අද ඉදිරිපත්කළ අංක SC/SD/23/2025 යටතේ පෙත්සම වෙනුවෙන් නීතිඥ එන්. එස්. වෙල්ගම මියගේ උපදෙස් පරිදි නීතිඥ අශෝක් කුමාර ගුරුබරන් පෙනී සිටියේ ය.

-LeN නීති කටයුතු සම්බන්ධ වාර්තාකරු විසිනි 

---------------------------
by     (2025-08-11 17:39:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links