~

සමන් සීඅයිඩියට කට උත්තර දුන්නා විතරයි බිරිඳ රේණුකා පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වේ..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.11, ප.ව‍.10.35) රනිල් ජනාධිපති වූ පසු ඔහුගේ ජනාධිපති ලේකම් ධූරය දැරූ සමන් ඒකනායකගේ බිරිඳ ඩී.කේ. රේණුකා ඒකනායක තමන් මෙතෙක් දැරූ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත. 

ජනතාව අපා දුක් විඳිද්දී මහජන මුදලින් රුපියල් එක්කෝටි 69 ලක්ෂයකට අධික  මුදලක් දින දෙකකට පමණක් වියදම් කරමින් නිල ගමනක් නොවන පුද්ගලික සංචාරයක් වන තමන්ගේ බිරිඳගේ උපාධි උත්සවයකට සහභාගී වීමට පිරිවරක් ද රැගෙන එංගලන්තය බලා ගිය රනිල් විසින් සිදුකරන ලද 'දූෂනය' නම් වරද සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් කරගෙන යන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගියදා හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සීඅයිඩියට කැඳවා තිබීමෙන් දින කිහිපයකට පසු සමන්ගේ බිරිඳ රේණුකා ඒකනායක මෙලෙස පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වීම විශේෂිත ය. ලබැඳියාවන් අතර ගැටුමක් නිසා ඇය අස්වූවා දැයි නොදනී. රේණුකා ඒකනායක ද  විශ්‍රාම ලත් අමාත්‍යාංශ ලේකම්වරියකි.

වත්මන් ජාතික පොලිස් කොමිෂන් සභාව පත් කරන ලද්දේ රනිල්ගේ කාලයේ දී ය. 2023 මැයි මස 16 වන දින ඔවුහු රාජකාරී ආරම්භ කළහ. ජාතික පොලිස් කොමිෂන් සභාව සභාපති ඇතුළුව සාමාජිකයින් අට දෙනෙකුගෙන් සමන්විත විය යුතු නමුත් ඒ අවස්ථාවේ දී ද එක් සාමාජිකයෙකුගේ පුරප්පාඩුවක් පැවැතියේ ය. දැන් පුරප්පාඩු 2 කි.

කොමිසමේ සභාපති ධූරය දරන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඊ.ඩබ්.එම්. ලලිත් ඒකනායක ය.   

දැන් සෙසු සාමාජිකයන් වන්නේ කේ. කරුනාහරන්, දිල්ෂාන් ජයසූරිය, ඒ.ඒ.එම් ඉල්ලියාස්, ජයන්ත ජයසිංහ, තනුජා එන්. ප්‍රනාන්දු (ලේකම්) යන අයයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව ව්‍යවස්ථාපිත ස්වාධීන කොමිෂන් සභා නමයෙන් එකක් වන අතර නව ජනතා ආණ්ඩුවක් පත්වීමෙන් පසු අලුත් ජාතික පොලිස් කොමිෂන් සභාවක් අත්‍යාවශ්‍ය වී ඇති බව බොහෝ දෙනාගේ මතය යි.

සමන් ඒකනායකගේ බිරිඳ ඩී.කේ. රේණුකා ඒකනායක අද ඉල්ලා අස්වීමෙන් ද තහවුරු වන්නේ නව මහජන මතයට අනුව නව ජනතා ආණ්ඩුවක නව අභිලාෂයන්ට ගැලපෙන නව ස්වාධීන කොමිෂන් සභාවක අවශ්‍යතාවය යි. 

---------------------------
by     (2025-08-11 17:07:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links