~

අයිටී රැකියා දෙනවා කියා 'සයිබර් අපරාධ මධ්‍යස්ථාන 5 කට' ගොදුරු හොයනවා..! අහුවෙන්න එපා..! ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.11, ප.ව‍.11.40) නැගෙනහිර ආසියාතික රටවල රජයේ නිසි අවධානයකට ලක් නොවී ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන 'සයිබර් අපරාධ මධ්‍යස්ථානයන්' (cyber scam centers) සඳහා තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින් නොමඟ යැවීමට ලක්කර විශාල වශයෙන් බඳවා ගැනීම් සිදුකරනු ලබන බවට තොරතුරු වාර්තා වී ඇත. තොරතුරු වාර්තා වන ආකාරයට මේ වන විටත් මේ හා සම්බන්ධ අපරාධකරුවන් විසින් විවිධ රටවල් ඉලක්ක කර ගනිමින් 50000 ක පමණ පිරිසක් බඳවා ගැනීමේ ප්‍රයත්නයක නිරත වී ඇති අතර, ශ්‍රී ලංකාව ද එම රටවල් අතර ප්‍රමුඛස්ථානයක් බවට පත්ව ඇති බවට ද වැඩිදුර තොරතුරු වාර්තා වී ඇත.

ව්‍යාජ තොරතුරු සහිත රැකියා දැන්වීම්..

තවද, මේ වන විටත් එවැනි සයිබර් අපරාධ මධ්‍යස්ථාන පහක් ස්ථාපිත කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙසේ ක්‍රියාත්මක වී ඇති මිනිස් වෙළෙඳාම්කරුවන් විසින් මේ සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනු ලබන අතර, ප්‍රධාන වශයෙන්ම ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද රැකියා දැන්වීම් සමාජ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරණය කිරීම තුලින් විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින්ගේ අවධානය ලබා ගනු ලබයි. පසුගිය සති කිහිපය තුලදී වාර්තා වී ඇති තොරතුරු මත මේ ආකාරයෙන් ශ්‍රී ලාංකිකයින් එකළොස් දෙනෙකු හසු වී ඇති බවත්, මේ වන විටත් ඔවුන් ඉහත සඳහන් කල වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යොදවා ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

පිටරට ඉන්න ලාංකිකයනුත් අහුවෙලා..

එමෙන්ම, මෙරට තුල සිටින පුද්ගලයින්ට අමතරව ඩුබායි හී රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින් ද, මෙසේ තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් නොමඟ යවමින් ඉහත සඳහන් කල සයිබර් අපරාධ මධ්‍යස්ථානයන් හී රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වී ඇත.

සියලු පුරවැසියන් අවධානයෙන් ඉන්න..

මෙම තත්ත්වය මත විශේෂයෙන්ම තායිලන්තය, මින්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල රැකියා අවස්ථා ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරනු ලබන දැන්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. තවද, එවැනි අවශ්‍යතාවයන් සඳහා නීත්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසත්, මෙවැනි තත්ත්වයන් පිළිබඳව සියලු පුරවැසියන් අවධානයෙන් සිටිය යුතු බවත්, එවැනි සැක සහිත අවස්ථා නිරීක්‍ෂණය වන්නේ නම් ඒ පිළිබඳව නිසි අංශයන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ 'තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය' විසින් තවදුරටත් ඉල්ලා සිටී.

---------------------------
by     (2025-08-11 18:47:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links